නමක් ඇත ගොඩනැගිල්ලක් නැත
ලංකාවේ විශ්වවිද්‍යාලවල ඇතිකළ තාක්ෂණ පීඨවලින් පළමුවෙන්ම ආරම්භ කළ තාක්ෂණ පීඨයට තවමත් ස්ථිර ගොඩනැගිල්ලක් නොමැති බව ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සඳහන් කරයි.
අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය ආරම්භ කර මාස 18කට අධික කාලයක් ගත වී තිබෙන බවද එම කමිටුවේ සභාපති ගිහාන් වීරසේකර මහතා සඳහන් කළේය.
තාක්ෂණ පීඨයට අවශ්‍ය ආචාර්යවරුන් නොමැති බවත්, මීට අමතරව මෙතෙක් තාක්ෂණ පීඨවල ඉගැන්වීමට කටයුතු කිරීමට විෂය නිර්දේශයක්වත් සකස් කර නොමැති බවත් හෙතෙම කියා සිටියේය.
අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ගැටලු විසඳන ලෙස ඉල්ලා ශිෂ්‍යයන් හා දෙමාපියන් එක්ව අද (26දා) කොළඹ කොටුව බස් නැවතුම්පොළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත්වීය.
popular news
-
ටි.ඉන්දික Sunday, 26 August 2018 05:04 PM
ඔවා ගැනනේ කියන්න තියෙන්නේ, තොපිලාට ඕවා මතක් වෙන්නේ දැන්ද..බොරුවට සයිටම් පස්සේ ගිහින් අද එකත් කෑවා..කොතලාවලත් කෑවා..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

