ජර්මනිය එලැඹෙන නත්තල් සමය ඉලක්ක කරමින්, බදාදා දිනයේ සිට දැඩි ජාතික අගුලු දැමීමක් වෙත යන බව ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් පවසයි.
කොවිඩ්-19 වෛරසය වළක්වා ගැනීම සඳහා ප්‍රාන්ත රජයන් සමග දැඩි ක්‍රියාමාර්ග ගැනීමට එකඟ වීමෙන් පසුව ඇය මෙම නිවේදනය සිදුකළාය.
ඒ අනුව ලබන බදාදා වනවිට සියලුම අත්‍යවශ්‍ය නොවන වෙළෙඳ සැල්, සේවා සහ පාසල් ජනවාරි 10 වැනිදා දක්වා වසා තබන අතර, නත්තල් දින රැස්වීම් උපරිම 10 දෙනෙකුට සීමා කර තිබේ.
"වඩාත්ම සුදුසු වන්නේ නිවසේ රැඳී සිටීමයි" මර්කල් මාධ්‍ය හමුවේදී පැවසීය.
උත්සව සමය පුරා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා නව ක්‍රියාමාර්ග යටතේ, නත්තල් දින පල්ලියේ සිදුවන ආගමික වතාවත්ද පූර්ව ලියාපදිංචියට යටත් වන අතර, කිසිදු ගීතිකා ගායනයකට ඉඩ නොදෙයි. සියලුම පොදු ස්ථානවල මත්පැන් තහනම් කිරීමට නියමිත අතර, වාර්ෂික අලුත් අවුරුදු ගිනිකෙළි සංදර්ශනය අවලංගු කර තිබේ. සමහර ප්රාන්තයන් රාත්‍රී 9.00 ට පසුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනු ඇත.
අගුලු දැමීමෙන් පීඩාවට පත් සියලුම ව්‍යාපාර සඳහා ආර්ථික ආධාර ලබාදෙන බවට ජර්මානු මුදල් ඇමති ඔලාෆ් ෂෝල්ස් පොරොන්දු වී තිබේ.
ඉරිදා ජර්මනියේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් 20,200ක් වාර්තා වී ඇත. පසුගිය සතියේ ඉරිදාට වඩා එය ආසාදන 2,000ක වැඩිවීමකි. සමස්ත ආසාදන සංඛ්‍යාව මේ වනවිට 1,338,481කි. මරණ සංඛ්‍යාව 321ක් වාර්තා වෙමින්, සමස්ත මරණ සංඛයාව 21,935ක් දක්වා ඉහළ ගොස් ඇති බව දත්ත පෙන්වා දෙයි.