ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිධුර අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව කොපමණ නඩු දැම්මත් එය ජනපති අපේක්ෂකත්වයට බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභාපති, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවැසීය.අද (16දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
"මෙතෙක් දුරට කෙරුණු සමීක්ෂණ වලින් ඉතාමත් පැහැදිලිව පෙනෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටින බව. දේශපාලන තලයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට මුහුණ දෙන්නේ නැතිව විවිධ මිත්‍යාවන් බොරු ගොතලා නැති නීති ප්‍රශ්න නිර්මාණය කරලා තිබෙනවා. සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචලිත වෙමින් තිබෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතා කොතරම් ජනප්‍රිය වුණත්, නීති ප්‍රශ්න නිසා මැතිවරණයට පෙනී සිටින්න බැහැ කියලා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මම වගකීමෙන් යුක්තව බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරන්න කැමතියි. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු එක්සත් ජනපද පුරවැසිභාවය ඉවත්කරගෙන ඉවරයි. එය පැහැදිලිව ඔප්පු කරන්න පුළුවන්, ඊට අවශ්‍ය ලියකියවිලි අපේ රටේ තිබෙනවා
මතු කරන අනිත් ප්රශ්නය තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව නඩු දාලා තියනවා කියන එක. නඩු දුසිම් ගණන් දැම්මත්, ජනාධිපති අපේක්ෂකත්වයට කිසිම විදිහකින් නීතිමය බලපෑමක් වන්නේ නැහැ. නඩුවක් දැම්මට, පුද්ගලයෙක් වැරදිකරුවා වෙන්නේ නැහැ.
උසාවියට සාක්ෂි ඉදිරිපත් කරලා ඒවා ඔප්පු කරන්න ඕනේ. ඒ පුද්ගලයාට එරෙහිව තිබෙන චෝදනා සත්‍ය චෝදනා කියලා උසාවිය ඉදිරියේ ඔප්පු කරන්න ඕනේ. එහෙම දෙයක් මෙතෙක් දුරට සිදුවෙලා නැහැ. නඩුවක් දාලා අපේක්ෂකයකුගේ මැතිවරණයට ඉදිරිපත්වීමේ අයිතිය විනාශ කරලා දාන්න පුළුවන් නම් ඒක අපේක්ෂකයෙකු නවත්වන්න තිබෙන සරලම ක්‍රමයයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිම වරදක් සම්බන්ධයෙන් වරදකරුවෙක් කියලා, කිසිම උසාවියක තීරණය කරලා නැහැ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නිර්දෝෂීභාවය පිළිබඳ පූර්ව නිගමනය සම්පූර්ණයෙන්ම ඔහුට පාවිච්චි කරන්න පුළුවන් ඔහු නිර්දෝෂියි. කිසිම උසාවියකින් ඔහු වරද කරුවෙක් කියලා නම් කරලා නැහැ. නඩු කොයිතරම් දැම්මත් එය ජනාධිපති අපේක්ෂකත්වයට බලපෑමක් නැහැ.”
