බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වෙමින් පවතින පීඩන අවපාතයෙන් ධීවර ප්‍රජාවට සිදුවිය හැකි බලපෑම් අවම කරගැනීම සදහා ධිවරයින් දැනුවත් කර ආරක්ෂක වැඩපිළිවෙල වහා ක්‍රියාත්මක කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ධීවර දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය .
රාජ්‍ය අමාත්‍යවරයා සියළු ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙම කාලගුණ තත්වය පිළිබද ධීවර දෙපාර්තමේන්තුව ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරමින් සිය ජිවිත ආරක්ෂාව උදෙසා වැඩි අවධානයක් යොමු කරන ලෙසය .
ඉදිරි දින කිහිපය පුරා නිරන්තර අවදානයෙන් සිටින ලෙස සියළු ධීවර රැකියාවේ නිරත සියළු ධීවරන් වෙත ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශය විසින් අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ .
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක් නිර්මාණය වෙමින් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති කාලගුණ අනාවැකියට අනුව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශය මෙම අනතුරු ඇගවීම් සියළු ධීවර ප්‍රජාව වෙත නිකුත් කර තිබේ.
එලෙසම ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ ,මසුන් මැරීමේ නිරත බහුදින යාත්‍රා මෙම පිඩන අවපාතය පිළිබද අවදානයෙන් සිට කාලගුණ අනාවැකි අනුව වහාම ආරක්ෂිත ප්‍රදේශ වෙත යොමු වීමට කටයුතු කළයුතු බවද ධීවර දෙපාර්තමේන්තුව නිකුත් කළ අනතුරු ඇඟවීමේ සඳහන් වෙයි.
