කොවිඩ්-19 වෛරසය ආසාදිතව වෝල්ටර් රීඩ් හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ට්‍රම්ප්, වෛරසය සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදීම යළිත් ධවල මන්දිරයට පැමිණි මාධ්‍ය ඉදිරියේ තම මුඛ ආවරණය ගලවා දමා දැඩි සෞඛ්‍ය තර්ජනයක් හා වෛරසය පිළිබඳ නොසැලකිල්ලක් පිළිබිඹු කළ බවට චෝදනා නැගෙයි.
ධවල මන්දිරයේ දකුණු පෝටිකෝවේ පඩිපෙළ දිගේ ගමන් කළ ඔහු තම මුහුණේ වූ ශල්‍ය මුඛ ආවරණය ගලවා, මාධ්‍ය දෙස බලමින් මාපට ඇඟිල්ල ඔසවා ආචාර කර යළිත් ධවල මන්දිරය වෙත ඇතුළු වී තිබුණේ ඡායාරූප සැසියකට පෙනී සිටින ආකාරයෙනි.
වෝල්ටර් රීඩ් රෝහලෙන් පැමිණෙන විටදී එම අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍ය වෙත එවැනිම ආචාරයක් කර ඇති ට්‍රම්ප්, එවර මුඛ ආවරණය ගැලවීමකින් තොරව 'බොහෝම ස්තූතියි' යනුවෙන් පමණක් පවසා තිබුණි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙන්ම, එක්සත් ජනපද සෞඛ්‍ය විශේෂඥයන් පවා දැනට නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ඇති බලවත් අවියක් ලෙස මුඛ ආවරණය හඳුන්වාදී ඇති පරිසරයක ට්‍රම්ප් මෙම මෝඩ හැසිරීම සිදුකළ බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.