සත්කාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වෙන පළමු එක්දින තරගයේදී සිය එක්දින ලකුණු 1000 සම්පූර්ණ කිරීමට ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සමත්විය.
කෙසේ වෙතත් ලකුණු 1000 සම්පූර්ණ කිරිමෙන් මද වේලාවකට පසුව ඔහු ලකුණු 43ට දැවී ගියේය.
නවසීලන්ත කණ්ඩඩායමෙන් එල්ල වූ ලකුණු 372ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම පන්දුවා 18ක් අවසානයේදී ලකුණු 119/1ක් රැස්කගෙන සිටියි.
ධනුෂ්ක හා නිරෝෂන් දික්වැල්ල (70 (පන්දු45)) පළමු කඩුල්ලට ලකුණු 119ක සාර්ථක සබඳතාවක් පැවැත්වූහ. තවත් පන්දුවාර 32කදී ශ්රී ලංකාව ලකුණු 253ක් රැස්කළ යුතු වෙයි. නවක පිතිකරු ලෙස කුසල් පෙරේරා පිටියට පිවිසියේය.