දොස්තර සාෆිට එරෙහි පැමිණිලි දහස ඉක්මවයි
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන් මහතාට එරෙහිව ඊයේ (17දා) දිනය වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට, දඹුල්ල දිසා රෝහලට සහ දඹුල්ල පොලීසිය ලැබී තිබූ සමස්ත පැමිණිලි ප්‍රමාණය 1,003කි.
ඒ අනුව ඊයේ (17දා) දිනය වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි 839ක් හා දඹුල්ල දිසා රෝහලට සහ දඹුල්ල පොලීසිය පැමිණිලි 164 ලැබී තිබිණි.
සැකකාර වෛද්‍යවරයාට එරෙහිව ඊයේ දිනයේදී පමණක් කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි 12ක් ලැබී තිබූ බව එම රෝහල් පාලනාධිකාරිය සඳහන් කළේය.
සිසේරියන් සැත්කම් සිදුකිරීමේදී කාන්තාවන් වන්ධ්‍යකරණයට ලක්කළ බවට අදාළ වෛද්‍යවරයාට චෝදනා එල්ල වී ඇති අතර, පසුගිය මැයි මස 26 වැනිදා සිට ඊයේ (17දා) දිනය තෙක් අඛණ්ඩව දින 23ක් සැකකාර වෛද්‍යවරයාට එරෙහිව මවුවරුන්ගෙන් පැමිණිලි ලැබී තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද කුරුණෑගල ශික්ෂණ රෝහලේදී අදාළ පැමිණිලි භාරගනු ලබන බව කුරුණෑගල ශික්ෂණ රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
ගීතාංජලී ප්‍රියදර්ශනී/ දඹුල්ල - එස්. කරුණාරත්න

popular news
-
Dayan Tuesday, 18 June 2019 10:13 AM
මේ ගැන විමර්ශනයක් කරනවනේ පොලිසියෙන්. මොකටද හැමදාම සාෆි සාෆි කියල ප්‍රවුර්ති දාන්නේ. පැමිණිලි කරන්න කාට බැරිද? ඔප්පුකරන්න ඔනෑ.
Reply : 0 19
Champa Tuesday, 18 June 2019 06:12 PM
ආයේ ඔප්පු කරන්න දෙයක් නැහැ. මේ පැමිණිලි ඇති හොඳටම. ඒ මොකොද කිව්වා නම් මේ අම්මලා හැමෝම normal විදිහට දරුවන් හම්බ වෙන්න ඉන්දැද්දී දොස්තර සාෆිගේ පෞද්ගලික උවමනාවට බලෙන් සිසේරියන් සැත්කමට භාජනය කරපු සහ ඊට පස්සේ දරුවෝ හම්බ වෙච්ච නැති පැමිණිලි. මේ ගැන වැඩිය ලියන්නේ නැහැ. ඒ මොකොද කිව්වා නම් ජාතිය ඉදිරිපිට මීට වඩා වැදගත් සහ භයානක අනතුරක් තියෙන හින්ද. ඒ තමයි ඇමරිකන් ගිවිසුම් දෙක සහ ඇමරිකන් රාජ්‍ය ලේකම්ගේ අදිසි සංචාරය.
Reply : 0 0
චිතුුානන්ද Wednesday, 19 June 2019 04:42 AM
ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු නෙමෙයි සාෆි කියන්නේ.SHO කෙනෙක්.Senior House Officer.තවත් බොරු දාන්න එපා.කලින් දාපු එකත් ඉක්මනින් අයින් කරගත්තනෙ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

