දේශපාලනයේ සිටිමෙන් ලද දැනුම විශ්ව විද්‍යාල තුනකින්වත් ගන්න බෑ - කිරිඇල්ල
සජිත් ප්‍රේමදාස මහතාට අධ්‍යාපන සුදුසුකම් නොමැති බවට කරන ප්‍රකාශ පිළිගත නොහැකි බවත් උපාධියක් නැතත් පාර්ලිමේන්තුවේ වසර 20 ක් සිටීමෙන් ලබන දැනුම හොඳටම ප්‍රමාණවත් බව සභානායක,රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන, උඩරට උරුමය හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ආර්ථික විද්‍යාව පිළිබඳව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා උපාධියක් ලබා ඇත්තේ ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් නම් එංගලන්තයේ හොඳම විශ්ව විද්‍යාලයකින් බවත් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී උපාධිධාරීන් 750කට රජයේ පත්වීම් ලබාදීම වෙනුවෙන් අද (04) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
ඒ සියල්ලටමත් වඩා පාර්ලිමේන්තුවේ වසර 20 ක් අඛණ්ඩව රැඳී සිටිමින් ඔහු ලබා ඇති දැනුම විශ්ව විද්‍යාල තුනක උපාධි හා සමාන බවත් පාර්ලිමේන්තුව තුළ කිසිවක් කතා නොකර වාඩිවී සිටීමෙන් පමණක් ලබන දැනුම හා ආභාසය විශ්ව විද්‍යාලයකින් ලබාගත නොහැකි බවද ඔහු සඳහන් කළේය.
එජාප ජනපති අපේක්ෂක තෝරනු ලබන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය බවත් පොහොට්ටුවේ අපේක්ෂකයා තොරනු ලබන්නේ මහින්ද, බැසිල්, ගෝඨා, චමල්,ශෂින්ද්‍ර, නාමල් ඇතුළු පිරිස බව ද ඒ සියල්ලටම වඩා පාර්ලිමේන්තුවේ වසර 20 ක් අඛණ්ඩව රැඳී සිටිමින් ඔහු ලබා ඇති දැනුම විශ්ව විද්‍යාල තුනක උපාධි හා සමාන බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසිය.

popular news
-
කපිල Sunday, 04 August 2019 08:38 PM
හරියට හරි ඇමතිතුමා. කිසිම උපාධීයකින් රජයේ මුදල් කොල්ලකන හැටි උගන්නන්නේ නෑ. එක ඉගෙනගන්න වෙන්නේ දේශපාලනයෙන් ම තමයි ඔබ හරි
Reply : 2 0
sam Sunday, 04 August 2019 09:06 PM
හොර කන දැනුම වෙන්න ඇති නේ ......! :-(
Reply : 5 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

