දේශපාලන හා ආරක්ෂක කටයුතු ඇමෙරිකානු සහකාර ලේකම් ලංකාවට
දේශපාලන හා ආරක්ෂක කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර ලේකම් ආර්. ක්ලාක් කූපර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
මැයි 29 දා සිට ජුනි 7 දා දක්වා ඔහු සිංගප්පූරුව, ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.
සහකාර ලේකම්වරයා රජයේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්විමට නියමිතව තිබේ. එහිදී ආරක්ෂාව, සාමය, බිම්බෝම්බ ඉවත් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීම ඇතුළු දෙරටේ උන්නතියට හේතුවන කරුණු පිළිබඳව සාකච්ඡා කිරිමට නියමිතව තිබේ.

popular news
-
Champa Friday, 31 May 2019 06:19 PM
ගෙදර යනවා වගේ එන්නේ දැන්. කී දෙනෙක් ආවද මේ ටිකට. මරාගෙන මැරෙන බෝම්බයේ තිබ්බ ලොකුම ඕනෑකම ලංකාවේ ආරක්ෂක කටයුතු වලට විදේශ රටවලට කෙලින්ම ඇඟිලි ගහන්න ඉඩ සැලැස්වීම. කොච්චර කිව්වත් මට මේ ප්‍රහාරේ පිටිපැස්සේ ආණ්ඩුවත් එක්ක තව සුළු පිරිසක් ඉන්න බව පේනවා. මම කියන්න ගියේ සංචාරක හෝටල් වලට සහ ක්‍රිස්තියානි පල්ලි ඉලක්ක කලේ ජාත්‍යන්තරය මේකට ඈඳ ගන්න. බෝම්බ එක දෙක පිපිරෙද්දීම ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ප්‍රකාශ නිකුත් කලේ ඒ රටවල පල්ලි වලට ගැහැව්වා වගේ. අනික මුළු ඉඳන්ම කිව්වා වගේ මෙතන ISIS කතාවක් නැහැ. ඒ කතාව ගත්තේ මේක පිටිපැස්සේ ඉන්න විදේශ රටවල් හංගන්න. ලංකාවේ ත්රස්තවාදයක් නැති වෙලාවක ACSA වැඩක් නැති නිසා වහල් ආණ්ඩුව එක්ක එකතු වෙලා ඇමරිකන්කාරය නැති ත්රස්තවාදයක් ඇති කළා ACSA සහ SOFA ගිවිසුම් අත්සන් කරන්න. ලංකාවේ ඊලඟ ජනාධිපති රනිල් වෙන්නේ නැත්නම් රනිල්ටත් එහා ගිය ඇමරිකන් ගැත්තෙක් වන ගෝඨාභය පත් වෙනවට ඇමරිකන්කාරය කැමති වෙයි. සමහරු කිව්වා ගිය අවුරුද්දේ ඇමරිකාව ගෝඨාභයට විරුද්ධයි කියල. මම එදාම කිව්වා ඒ කරන්නේ බොරුවක් කියලා. ඉතිහාසගත අවුලක් සිංහල අපි ඉදිරිපිට තියෙනවා. සැබෑ සිංහලය කවුද කියන එක හොඳට තෝරා බේරග
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

