දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගන්නවා
ආණ්ඩුව රණවිරු දඬයමක් කරන අතරේම දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීමට කටයුතු කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
අද (10දා) ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණීමෙන් අනතුරුව ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“ඩී.ඒ. රාජපක්ෂ සොහොන හැදීම රටේ ආර්ථිකය කඩා වැටීමට හේතු වූ බලවත් සිද්ධියක් වශයෙන් ලේකම්වරයා ලෙස උදව් දුන්නා කියන චෝදනා මත විශේෂ අධිකරණයට අද කැඳවූවා. අපි දැක්කා රණවිරු දඬයමක් සිදුවෙනවා. මේ රජය පැහැදිලිව දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගන්නවා.
මේ උසාවිය පිහිටුවලා තියෙන්නේ එකක් නඩු ඉක්මන් කරන්න. අනික ජාතික ආර්ථිකයට බලපාන දූෂණ සම්බන්ධ සොයා බලන්න. දෙවැනි එකට මගේ එක ගන්නවා ඒක ඒ තරම් බරපතලයි. (පුරවැසි භාවය ඉවත් කිරීම) වෙලාවට වෙලා ඇති.”
popular news
-
Chanel Monday, 10 September 2018 06:45 PM
තමුනන්සේට පුලුවන්ද අපේ තාත්ත වෙනුවෙන් ස්මාරකයක් හදන්න උදව්කරන්න රටේ මහජනයාගේ මුදලින්
Reply : 0 1
Champa Monday, 10 September 2018 10:35 PM
විරුද්ධවාදීන් ගැන කතා කරන්න ඉස්සෙල්ල ඔබට වටේ ඉන්න අය දිහා බලන්න. හිටපු ජනාධිපතිතුමා වටේ හිටපු ඇම්බැට්ටයන් හෙන්චයියන් ඔහුව නැති කළා. ඔබටත් ඒකේ වෙනසක් නැහැ කියලා ඔබේ අලුත් මාධ්‍ය ප්‍රකාශක පෙන්නලා තියෙනවා. මොකක්ද මුල නම මතක නැහැ. රාජපක්ෂ අග නම. ජන බලය කොළොඹට ආපු සෙනඟ කියලා 2015 විමල්ගේ නුගේගොඩ රැස්වීමට ආපහු සෙනඟ ඉන්න පින්තූරයක් දැම්මේ ඔබ කියලද? ඒක දැන දැනම කරපු වංචාවක්. දැන දැනම මහජනතාව නොමඟ යවන්න කරපු දෙයක්. මිනිස්සු හුඟක් ඒක share කරලා තිබුන. මොකොද ඉතින් ඔබ ගැන මිනිස්සුන් ඉහලින් හිතන් ඉන්න නිසා කවදාවත් තමන්ව නොමඟ යන පින්තූරයක් දැයි කියල හිතන්නෑනේ. ඇත්තටම මිනිහ ඔබේ කෙනෙක්ද? නැත්නම් වෙන කාගේ හරි බළල් අතක්ද? අර රජ්ජුවොයි වඳුරාගෙයි කතාව අහල තියෙනව නේද? මැස්ස එලෙව්ව හැටි මතකද? හිටපු ජනාධිපතිතුමාත් වටේ වඳුරෝ රැලක් තියන් හිටිය. හැබැයි එවුන් එලෙව්වේ නැති මැස්සෙක්. ඔබට මම සහයෝගය දෙන්නේ නැහැ. නමුත් මේක නොකිය ඉන්න බැරි වුනා.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

