දෙසැම්බර් වන විට ප්‍රේමදාස සංවර්ධන යුගය බිහිකරාවි
රටේ ජනතාව තමන්ට හයියක් ලබාදෙන්නේ නම් ඊට පසු දින සිට ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාවට නංවන බව නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
219 වන උදා ගම්මානය වන මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල - අරංගල ඉදිවු විජේරත්න බණ්ඩාපුර ගම්මානය ජනතා අයිතියට පත්කිරිමේ අවස්ථාවට පෙරේදා (19දා) එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ගොවි විශ්‍රාම වැටුප ගෙවිම සඳහා රජයේ මුදල් කොටස් ගෙවීම සඳහා විශේෂ පනතක් පාර්ලිමේන්තුවට ගෙන එන බව ද හෙතෙම කියා සිටියේය.
පාර්ලිමේන්තු පනතක් හරහා නෛතික බලයක් ලබාදීම තුළින් වේදිකාවේ විවිධ අදහස් පළකරමින් ජනතාව මුලාකිරිමට පත්වන කිසිදු ආණ්ඩුවකට හැකියාව නොලැබෙන බව ද අමාත්‍යවරයා පැවැසීය.
තමුන්නාන්සෙලා ඔක්තෝබර් නොවැම්බර් වෙනකොට මේ රටේ දැවැන්ත යුග පෙරළියක් නිර්මාණය කරන්න පෙරමග ගමන්කරැවන්. දැන් මම දකුණු පය පෙරට තියලා තියෙන්නේ ප්‍රේමදාසලා දකුණු පය පෙරට තැබුවහම මොනම හේතුවකටවත් ආයේ පස්සට ගන්නේ නැහැ. ඒක තමයි අපේ හැදියාව. ඒක තමයි අපේ පුරුද්ද.
දැන් එක එක්කෙනා දැන් එක එක නම් වීසි කරනවා. මට මතකයි අසූ අටෙත් එක එක නම් කියවුණා. අහවලාලු සුදුසු අරයලු එන්නේ අවසානේ කවුද ආවේ කියන එක තමුන්නාන්සෙලා දන්නවා.
මම කියන්න කැමතියි ඔබලාගේ අනුමැතිය තුළ සහ ඔබලා ගන්නා ඕනෑම තින්දුවකට මම ලැස්තියි. මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ රටේ සෑම සියලු දෙනාම අනිවාර්යෙන්ම රොද බැදගෙන දෙසැම්බර් වෙනකොට රණසිංහ ප්‍රේමදාස සංවර්ධන යුගය බිහිකරනවාමයි කියලා.”
නාවුල ඉන්දික අරුණ කුමාර

popular news
-
lalith paranagama Sunday, 21 July 2019 11:39 AM
සුදුස්සාට සුදුසු තැන ලැබේවි.මෙච්චර වැලිකන්න ඕනේ නැහැ .ඉවසන දනා රුදුඋදයට ජයකොඩිය...
Reply : 0 0
Dayan Sunday, 21 July 2019 01:45 PM
Sorry Master , අපිට එපා ප්‍රේමදස යුගයක්. කොය් යුගයේත් රට ප්‍රපාතයට ගියා. ඒක හදන්ඩ පුළුවන් ජවය ඇති අලුත් නායකයෙක් අපිට ඕනා. පක්ස වලට අපි නෑ. අපි නිර් පාක්ෂිකය.
Reply : 0 0
සම්පත් Sunday, 21 July 2019 01:53 PM
අපට පිස්සුවක් ඇතැයි මහත්තයෝ . 88 තමයි අන්තිමටම ජනාධිපතිවරණයක් අලියා ලකුනෙන් දිනුවෙ. දිනල කොරපු දේ නිසා තමයි තාමත් අලියා පරදින්නෙ. දිනන්නම ඕනෙ නම් රටට වැඩක් කරන උගතෙකුට අපේක්ෂකත්වය දෙන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

