දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුවට රෝද පුටුවෙන් යන ආබාධිත රණවිරුවා වව්නියාවේදී උණුසුම් ලෙස පිළිගැනේ
දෙවුන්දරතුඩුව සිට පේදුරුතුඩුව දක්වා රෝද පුටුවකින් ගමන්ගන්නා යුධ හමුදා අබාධිත සෙබළ කෝප්රල් පි.කේ.ජි.කේ.කරුණාරත්න සෙබළා පිළිගැනීම වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබළුන් විසින් අද දින සිදුකරනු ලැබීය.
අවසන් යුධ සමයේ 2009 මැයි 07 වැනිදා මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදි බෝම්බ ප්‍රහාරයකට හසුව දෙපා හා අතක ඇගිලි අහිමිව ඇති කරුණාරත්න සෙබළා පසුගිය 03 වැනිදා දෙවුන්දරතුඩුව සිට පේදුරුතුඩුව දක්වා සිය ගමන ආරම්භ කරනු ලැබීය.
අනුරාධපුර සාලියපුර යුධ හමුදා කදවුරේ සිට අද උදෑසන ගමන් ආරම්භ කළ කරුණාරත්න සෙබළා වන්නි ආරක්ෂක සේනා කලාපය වෙත පිවිසි අතර වන්නි ආරක්ෂක සේනා කලාපයේ ඉංජිනේරු සේවා බලසේනා මූලස්ථානය අභියසදී සෙබළා පිළිගැනීම සිදුකරනු ලැබීය.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ පිළිගැනීමේ වැඩසටහන සංවිධානය කොට තිබු අතර,මාර්ගය දෙපස යුධ හමුදා සෙබළුන්ගේ උණුසුම් පිළිගැනීම් මැද කරුණාරත්න සෙබළා වන්නි ආරක්ෂක කලාපය වෙත පැමිණියේය.
කරුණාරත්න සෙබළා අද දහවල් නැවත කිළිනොච්චිය ආරක්ෂක සේනා කලාපය වෙත ගමන් කිරීමට නියමිත අතර හෙට(10) දිනයේ යාපනය වෙත ළගාවීමට නියමිතය.


popular news
-
Champa Sunday, 09 December 2018 06:08 PM
අනේ හරිම සන්තෝෂයි. කඳුලුත් ආව ඇස් වලට. මේ ආබාධිත සෙබලාට ලැබිය යුතු නිසි ගෞරවය සහ උණුසුම් පිළිගැනීමක් වව්නියාවේදී හරි ලැබුණු එක ගැන. ආබාධිත සෙබලුයි, දේශපාලකයන්ගේ කෙරුම් වලට වන්දි ගෙවන්න සිරගත වෙලා ඉන්න රණවිරුවොයි ගැන බොරු කයිවාරු සිංහල දේශපාලකයන්ට සහ හොර දේශප්‍රේමීන්ට හොඳටම අමතක වෙලා ඉන්න වෙලාවක, වන්නි ආරක්ෂක සේවා මූලස්ථානය සහ එහි ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතා ඔහුව ඉහලින්ම පිලි ගැනීම ඉතාම අගය කොට සලකනවා. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා රෝද පුටුවෙන් ගිහින් දෑත දෙපා තියෙන කුසීත සිංහලයන්ට තමන්ගේ අසීමිත ධෛර්යය සහ අධිෂ්ඨානය පෙන්වපු මේ අබාධිත සෙබලාට මගේ ගෞරවය හද පතුලෙන්ම පිරිනමනවා. අපට මේ අබාධිත සෙබළුන් වෙනුවෙන් කරන්න බොහෝ දේවල් තියෙනවා අනාගතේදී. මගේ ළඟ හුඟක් යෝජනා තියෙනව වෙලාව එනකම් තියාගෙන ඉන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
