දෙයියන්ගේ නාමෙට යන්න - අමුණුගම ආණ්ඩුවට කියයි
වත්මන් ආණ්ඩුවේ කාලසීමව අවසන්ව ඇති බවත් ගිනි පත්තු වී ඇති හෙයින් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු යැයි හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
2015 ඉදන් අපේ ආරක්ෂක අංශ අඩපණ කළා. 2017දී ජාතික තව්හීද් ජමාත් එක ගැන තොරතුරු දීලා තිබුණා. එතකොට පොලිස්පති කවුද නීතිය හා සාමය භාර ඇමති කවුද?
ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න. අලුත් සාර්ව පාක්ෂික රජයක් පත්කිරීමට ජනපතිට අවස්ථාව දෙන්න. ෆොන්සේකා මහතාට පාඨලි රණවක මහතාට ඇමතිකම් දෙන්න අවස්ථාව දෙන්න.
මේ ආණ්ඩුවේ කාලය ඉවරයි. ගිනි පුපුරු පත්තුවෙලා. කරුණාකරලා යන්න. දෙයියන්ගේ නාමෙට යන්න. පොඩි කැබිනට් එකකට ඉඩ දෙන්න. මාස 6කින් 7කින් ජනතාවට අවශ්‍ය ආණ්ඩුවක් පත්කරන අවස්ථාව දෙන්න"

popular news
-
chathuri Wednesday, 08 May 2019 08:10 PM
දැන්. ඉන්න උනුත්. එකයි එන්න ඉන්න උනුත් එකයි දෙවියන්ගේ. නාමෙට. ඔය එක හොරෙක්. ට. එන්න ඉඩ තියන්නේ. නැහැ. හිතන් ඉන්නේ මේපිටින් දමල. ආණ්ඩුව. පෙරලන්න වෙන්න. ඇති , ලැජ්ජාවක් හිවල්ලු හමුදාවට. පුළුවන් රට. කරන්න ඔය නඩේම. කියන. තැනකට වදින්නම් රටින්. යන්න. ජනතාවට ඉන්න දීලා. අන්ත වදියගෙයි ,මුන්ගෙයි වෙනසක්. නැහැ දෙගොල්ලොම එකයි , අරුන් පණපිටින් මරනවා මිනිසුන්ව , මේ. නඩේ වදදිලා නොමරා මරනවා.
Reply : 0 2
ලසන්ත Thursday, 09 May 2019 07:16 AM
අගමැතිවරයා කටයුතුකලේ සර්වපාක්ෂික රජයකට කියා අමතකවීම ගැණ කනගාටුයි.එසේ වුනත් අගමැතිත් 2015 දී නීතිය හා සාමය ඇමතිකම ජනතා කැමැත්තක් නැති දෙනියායේ වතුහිමියාට දුන්නා තවත් අගමැති කාර්ය මංඩල ප්‍රධානී වැනි කලනොහැකි තරම් තනතුරුත් දුන්නා..ඒකාලෙත් යුධ විශේසඥයෙකුවූ ෆොන්සේකා මැතිතුමා හිටියනේ ඔහුට දුන්නේ නැහැනේ.දැන්නම් ඉල්ලනවා.මෙහෙම බලනවිට 2010 දි එතුමාගේ කකුලෙන් ඇද්දාද හිතෙනවා .
Reply : 0 2
shan Thursday, 09 May 2019 11:59 AM
ඇයි දැන් රටේ ජනතාවගේ මුදල් කන්න නැතිව ඉන්න බැරිම තැනටම ඇවිත්ද බලා ඉන්න බැරිද මේ තරම් බලයට මහජන මුදල් කොල්ල කෑමට පෙරේත කාලකන්නි රැලක් මේ ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

