දෙමළ භාෂාව කතා කිරීමට නොහැකිවීම මගේ අඩුවක්
තමන්ට දෙමළ භාෂාව කථා කිරිමට නොහැකිවීම අඩුපාඩුවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
2018 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් දෙවන භාෂාව සඳහා විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීමට ලක්කරමින් ඊයේ (18දා) අරලියගහ මන්දිරයේ පවැති උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
“අවාසනාවකට මනෝ ගනේෂන් ඇමතිතුමා මෙන් මට දෙමළ භාෂාව කතා කිරීමට නොහැකියි. ඒ කාලයේ අපි දෙමළ භාෂාව ඉගෙන ගත්තේ නැහැ. එය මගේ අඩුපාඩුවක්. නමුත් ඒ කාලයේ මම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තා. එවිට සිංහල නොදන්නා මිත්‍රයන් සමඟ මම ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළා. ඒ නිසා ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර් ආදී විවිධ ජාතීන්වල මිත්‍රයන් රාශියක් මට සිටියා.
නමුත් අපේ ගම්වල ජීවත් වූ ජනතාවගෙන් බොහෝ දෙනෙක් ඉගෙන ගත්තේ, කතා කළේ එක භාෂාවක් පමණයි. එදා ගම්මානවල ඉංගී්රසි ඉගෙන ගැනීමට අවස්ථාවක් නොතිබූ නිසා බොහෝ දෙනා සිංහල හෝ දෙමළ පමණක් කතා කළා. සියලු දෙනා එක මවකගේ දරුවන් ලෙස හැදින්වූවත් එකම රටේ ජීවත් වන වෙනත් ජාතියක සහෝදරියක් හෝ සහෝදරයෙකු සමඟ කතා කිරීමට තවත් ජාතියක සහෝදරයෙකුට හෝ සහෝදරියකට හැකියාවක් තිබුණේ නැහැ.
අපේ රටේ ප්‍රධානතම ගැටළුව වූයේ එයයි. රටේ යුද්ධයක් ඇතිවුනේත් එම නිසායි. වසර 30ක් පමණ අපට එකිනෙකා මරා දමමින් යුධ වැදීමට සිදුවුණා. සිංහල, දමිළ, මුස්ලිම් සියලුම දෙනා පැවසූවේ තමන් ශ්‍රී ලාංකිකයන් බවයි. විදෙස් රටවල්වල ක්‍රිකට් කී‍්‍රඩා කරද්දී අපි පවසන්නේ ශ්‍රී ලාංකිකයන් බවයි. වෙනත් රටක ආහාර පාන ගන්නා විට කවුරුන් හෝ අප පැමිණි රට විමසුවොත් අප පවසන්නේ ශ්‍රී ලාංකිකයන් බවයි. රටේ කුමන ප්‍රශ්න තිබුණත් අපි හදවතින් රට ඉවත් කර ගත්තේ නැහැ.
2015 දි රට තුල සංහිදියාව ඇති කිරීම අපි ආරම්භ කළා. අද වන විට ඉතා අපහසුවෙන් හෝ අප එය සාර්ථකව ඉදිරියට ක්‍රියාත්මක කරමින් සිටිනවා. කොතරම් ගැටළු තිබුණත් නැවතත් යුද්ධයක් ඇති කර ගැනීමේ වාතාවරණයක් අපි සකසා ගත්තේ නැහැ. ඒ වෙනුවෙන් මම සතුටට පත්වෙනවා. රටේ සංහිදියාව ඇති කිරීමේදී මෙම වැඩසටහන ඉතා වැදගත් වෙනවා. රටේ සිංහල ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙමළ ඉගෙන ගන්නා විට දෙමළ භාෂාව භාවිත කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිංහල භාෂාව ඉගෙන ගන්නවා.
ලෝකයේ විවිධ භාෂාවන් ඉගෙන ගැනීම ඉතාම ප්‍රයෝජනවත්. චීන, ජපාන, ප්‍රංශ ආදී විවිධ භාෂාවල් ඉගෙන ගත් විට ලෝකය සමඟ ගනුදෙනු කිරීමට හැකියාව ලැබෙනවා. අප වර්තමානයේ පා තබන්නේ නවීන ලෝකයකටයි.
මේ මොහොත රටේ දරුවන්ට විවිධ භාෂා ඉගැන්විය යුතු හොඳම කාලය බව මනෝ ගනේෂන් සහ අකිල විරාජ් අමාත්‍යවරුන් දෙදෙනාටම මම පවසනවා. පරිගණක සහ ටැබ් යන්ත්‍ර දරුවන්ට ලබාදුන් විට භාෂා ඉගෙන ගැනීමේ හැකියාව ඒ හරහා උදා වෙනවා. එම වැඩසටහනත් සාර්ථකව සිදු කළ යුතුයි.
භාෂා දෙකක් කතා කරන, භාෂා තුනක් කතා කරන බොහෝ අය මෙහි සිටිනවා. ඒ අනුව තමන්ගේ භාෂා දැනුම ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවේ සාර්ථකත්වයට වැඩ කළ යුතුයි. තම දැනුම හරහා රට ශක්තිමත් කළ යුතුයි.”

popular news
-
appuhaami Friday, 19 July 2019 10:03 PM
ඔයාගේ අඩුපාඩු ලිස්ට් කරන්න ගියොත් මට වෙන වැඩක් අද දවසේ කරන්න වෙන්නේ නෑ. ඒ නිසා නිකන් ඉන්නවා.
Reply : 0 0
ලසන්ත Saturday, 20 July 2019 07:20 AM
අගමැතිතුමණි.මම පාසැලට ඇතුලත්වුනේ බණ්ඩාරනායක මහතා අගමැති ලෙසට පත්වූ කාලයේ.ඒ දිනවල මගේ පාසැලෙත් ඉංග්‍රීසි ගුරුතුමෙක් හිටියා.නමුත් එම අගමැතිතුමා රාජ්‍ය භාෂාව සිංහල කිරීමෙන් පසුව මට සාමාන්‍ය පෙළ දක්වාම ඉංග්‍රීසි ඉගෙනීමට පාසැලේ ඉංග්‍රීසි ගුරුවරයෙක් නැතිවූ නිසා ඉංග්‍රීසි ඉගෙන ගන්න ලැබුනේ නැහැ.එක්දහස් නවසිය අසූගණන්වලදී රාජ්‍ය සේවකයින්ට දෙවන භාෂාවක් ඉගෙනීමට අවස්ථාව සැලසුවත් මේ දක්වාම ඒකාර්යයත් හරියට සිදුවන්නේ නැහැ යම් පිරිසක් පිකටින් කලොත් දෙවන භාෂාව සමත්වීමේ අවශ්‍යතාවෙන් ඔවුන් නිදහස් කරනවා.අගමැතිතුමණි සාමාන්‍ය පෙළ විභාගයටවත් භාෂා තුනම අනිවාර්යය කරන්න.ලිවීම පමණක් නොව කථාවත් පරීක්ෂාකර ලකුණු ලබාදෙන්න. පාසැල්වලට අවශ්‍ය ඉතා දක්ෂ ඉගැන්වීමට හැකියාවක් ඇති ගුරුවරුන් පමණක් පත්කරන්න
Reply : 0 0
Champa Saturday, 20 July 2019 11:06 AM
විකාර. අපි මොකොටද දෙමල ඉගෙනගන්නේ? දෙමල මිනිස්සු තමයි රටේ ප්‍රධාන භාෂාව වන සිංහල භාෂාව ඉගෙන ගන්න ඕනේ. දෙමල මිනිස්සු සිංහල ඉගෙන ගන්නේ නැත්තේ ජාතිවාදය නිසා. හැබැයි කිසි ප්‍රශ්නයක් නැහැ ඉංග්‍රීසි වලට. ඒක ඉගෙන ගන්නවා.
Reply : 2 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

