රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා රත්රන් දම්වැල් තොගයක් තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් නව දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අද (03දා) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොවුන් ගම්ප , නිට්ටඹු , කිරිදිවැ , යක්කල සහ ගල්කිස්ස යන ප්‍රදේශ වල පදිංචි ව්‍යාපාරිකයෝ වෙති.
ඔවුහු අද අලුයම තායිලන්තයේ බැංකොක් නුවර සිටි පැමිණි ගුවන් යානා දෙකකින් මෙම රන් දම්වැල් තොගය ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබුණි.
මෙම රන් දම්වැල් තොගයේ බර කිලෝ ග්රැම් 04 ක් පමණ වෙයි. මෙම රන් දම්වැල් තොගය සහ ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් ද වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ.
ටී.කේ.ජී. කපිල
