දුෂ්කර හා අතිදුෂ්කර පාසල්වල ගුරුවරුන්ට අමතර දීමනාවක්
දුෂ්කර හා අති දුෂ්කර පාසල්වල සේවය කරන සියලු ගුරුවරුන්ට වැටුපට අමතර ව දීමනාවක් ලබාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පෙරේදා (08දා) කෑගල්ලේ පැවති ජනහමුවකට එක්වෙමිනි.
දැනට ශ්‍රී ලංකාවේ සමස්ත ගුරු පද්ධතියෙන් 70%ක පිරිසක් උපාධිධාරී නොවන ගුරුවරුන් බව ද, ප්‍රාථමික ගුරුවරුන්ගෙන් 25%ක් නුපුහුණු ගුරුවරුන් බව ද ඔහු සඳහන් කළේය.
ලෝකයේ දියුණු අධ්‍යාපනයක් සහිත කිසිදු රටක උපාධිධාරීන් නොවන කිසිදු ගුරුවරයෙක් නොමැති බවත්, 2027 වසර වනවිට මෙරට පාසල් පද්ධතිය තුළ සිටින සියලු ගුරුවරුන් උපාධිධාරීන් බවට පත්කිරීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය.
මේ සඳහා ලංකාවේ ගුරුවරුන් වැඩි ම පිරිසක් පාසල් පද්ධතියට බිහිකරන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ම උපාධි ලබාදෙන ආයතන බවට උසස් කරන බව ද මේ වනවිටත් ඊට අදාළ කැබිනට් තීන්දුව ලබාගෙන ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

popular news
-
rocky Tuesday, 11 February 2020 07:43 AM
හැම පාසලක්ම දුෂ්කරයි ටියුෂන් තිප්පොළවල් නම් දුෂ්කර නැහැ..එක නිසා දෙන දීමනාවක් ඔය ඔක්කොටොම දෙන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

