දුමින්ද සිල්වට රංජන්ලගේ ආණ්ඩුවෙන් කළේ දේශපාලන පළිගැනිමක් - යාපා
දුමින්ද සිල්වා ඇතළු පිරිසකට රංජන් රාමනායක මන්ති‍්‍රවරයාගේ රජයෙන් දේශපාලන පළිගැනිමකට ලක්කර ඇති බව වාරිමාර්ග ග්‍රාමිය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පය මත ගංවතුර පාලනය සහ පුරන් කුඹුරු අක්කර 15,000 ක් අස්වැද්දිමේ අරමුණින් කි‍්‍රයාත්මක ‘‘වාරි සෞභාග්‍යය’’ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ඊයේ (6) එක්වෙමින් ඔහු මේ බව පැවසිය .
එහිදි අදහස් පලකල ඒ මහතා ,
‘‘ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව පටන් ගත්තු ව්‍යාපෘතියක් විදිටයි මෙය කි‍්‍රයාත්මක වන්නේ. මාස 2 ක් තුළ අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ . ඒ කාලය තුල බැරි වුනොත් තව කාලය අරගෙන මේ කටයුත්ත අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ . ඒ වගේම කියන්න ඕන රංජන් රාමනායක මන්ති‍්‍රවරයා ගේ නිවස පරික්ෂා කිරිමේදි සොයාගත් හඬපට වල තියෙනවා ඒ උදවිය බලයේ සිටි කාලයේ කොහොමද අත්අඩංගුවට ගැනිම් කරන්න , චෝදනා එල්ල කරන්න , දේශපාලන පළිගැනිම සදහා මේ උදවිය කොයිතරම් පහත් මට්ටමකටද වැටිලද කියලා මේ හඬ පට වලින් පේනවා . නමුත් ඒ උදවිය ඉතා පිරිසිදුව රට පාලනය කලා කියලයි කතා කරන්නේ. නමුත් අපි දන්නවා මේ අය මොනවද කළේ කියලා .
මාස ගාණක් හිරේ දාලා හිටියා. නමුත් අද වෙනකල් නඩු නැහැ . හිරේ දානවා කියන්නේ දෙන්න පුළුවන් ඉහළම දඬුවමක්. ඉතින් ඒ දඬුවම දිලා නිකම් ඇතැරියා කියන්නේ බොරුවටයි. මේ අය සිරගත කරලා තියෙන්නේ . එහෙනම් ඒ අයට දේශපාලන පළිගැනිම ගැන කතා කරන්න කිසිම අයිතියක් නැහැ . අර ස්වාමින් වහන්සේලා කියනවා වගේ දිට්ඨධම්මවේදි කර්මය පළදෙනවා අද මේ අයට. ඒ වගේම කියන්න ඕන අර දුමින්ද සිල්වා මන්ති්රවරයට වෙච්ච අසාධාරණය අපි දැක්කා . එතුමා එල්ලූම්ගස් යවලයි මේ අය නතර වුණේ. පොලීසිය හරියට රාජකාරිය කලානම් ඒ වගේ අසාධාරණයක් වෙන්නෙ නැහැ . එහෙනම් දුමින්ද සිල්වට රංජන්ලගේ ආණ්ඩුවෙන් කළේ දේශපාලන පළිගැනිමක් කියලයි අපි දක්න්නේ’’ යැයි අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසිය .

-
RENUKA Tuesday, 07 January 2020 01:05 PM
දුමින්ද සිල්වා හිරේ ඉන්නේ වරදක් නොකරද? අපරාද කලේ නැත්ද? Anarkalieta කරදර කලේ නැතිද?
Reply : 0 0
rana Tuesday, 07 January 2020 01:06 PM
දැන් දැන් ඔන්න බලල එලියට වගේ , ඔය සියල්ලම කුඩු දුම්ම නිවැරදි කර එලියට ගන්න නේද ?
Reply : 0 0
nimal Tuesday, 07 January 2020 02:55 PM
මේවට කියන්නේ පුත්තලම් කුණුහරුප . කටින්ද එහෙම නෙත්නම් පස්සපෙත්තෙන්ද කතාකරන්නේ. මුගේ මල්ලිගේ පුතානේ මදුස්ව රට යවන්න කටුතු කලෙත්. මුන් ගැන කුමන කතාද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

