දුම්රියෙහි අලි ගැටීම් වැළැක්වීම සඳහා පත් කළ කමිටු වාර්තාව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට අද (25දා) දහවල් එම අමාත්‍යාංශයේදී භාරදීම සිදුවිය.
උතුරු නැගෙනහිර පළාත්වල දුම්රිය මාර්ග ආශ්‍රිතව සිදුකළ නිරීක්ෂණයකින් අනතුරුව සකස් කළ යෝජනා ඇතුළත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ හා වනජීවි දෙපාර්තමේන්තුවේ විශේෂඥයන් පිරිසක් එක්ව එම වාර්තාව සකස් කර තිබුණි.
මෙහිදී අදහස් දැක්වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ, අනෙකුත් පාර්ශ්වවලට අදහස් දැක්වීමට මාසයක කාලයක් ලබාදී දෙසැම්බර් 31 වනවිට සංශෝධිත වාර්තාවක් සකස් කරන බවයි.
ඉන් පසුව වියදම් ඇස්තමේන්තුවක් සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කරගන්නා බවත්, දුම්රියවල අලීන් ගැටීම වැළැක්වීමේ ව්‍යාපෘතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි කාලයක් සම්බන්ධව තමන්ට ප්‍රකාශ කළ නොහැකි බවද හෙතෙම පවසා සිටියේය.




