දුම්රිය ප්‍රවේශපත් සඳහා පෙරගෙවුම් කාඩ් (Prepaid Card) සහ ඊ-ටිකට්පත් (e-ticketing) හඳුන්වාදීමට ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් 'අද' කළ විමසීමේදී අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ දුම්රිය ප්‍රවේශ පත් නිකුත් කිරීම මෙන්ම ලබාගැනීමේදීද වාර්තා වන අක්‍රමිකතා හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනුව මෙම පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමය 'ස්මාර්ට් කාඩ්' ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වනු ඇති අතර, ඒ හරහා වර්ෂයකට අදාළ කාලයක් සඳහා ප්‍රවේශ පත්‍රයක් මිලට ගැනීමේ හැකියාව මගියාට ලැබෙනු ඇත.
එසේම 'ඔන්ලයින්' හරහා ක්‍රියාත්මක වන ඊ-ටිකට්පත් ක්‍රමය මගින් කිසිදු අතරමැදියෙකු භාවිතයෙන් තොරව දෙස් විදෙස් සියලු මගීන්ට තම ගමන් ප්‍රවේශ පත්‍රය වෙන් කර ගැනීමේ හැකියාව පවතී.
ඇතැම් පුද්ගලයන් විසින් දුම්රිය ප්‍රවේශ පත්‍ර නියමිත මුදලට ලබාගෙන ඉතා ඉහළ මුදලකට මගීන්ට අලෙවි කරන බවත්, මෙම තත්ත්වය විදෙස් සංචාරකයන් ඉලක්ක කරගනිමින් බොහෝවිට සිදුවන බවත් පෙන්වා දෙන අමාත්‍යාංශය එම සියලු අක්‍රමිකතා මැඬපැවැත්වීමට මෙම නව ක්‍රමවේදය ඉවහල් වනු ඇති බවද පවසා සිටියේය.
