දුම්රිය සේවය සංවෘත සේවාවක් බවට පත්කර ගැටළු විසඳීමට කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් සම්මත වී තිබුණත් වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකරන බව දුම්රිය වෘත්තිය සමිති සඳහන් කරති.
එහෙත් අදාළ කැබිනට් පත්‍රිකාව පිළිබඳව සාකච්ඡා කිරීමට වැඩ වර්ජනයේ නිරත වෘත්තිය සමිති නියෝජිතයින් අද (01 දා) සවස රැස්වීමට සැලසුම් කර තිබේ.
එහිදී වැඩ වර්ජනය ඉදිරියටත් සිදුකරනවාද නැද්ද යන්න තීරණයක් ගැනීමට නියමිතව ඇත.
24 වන දින මධ්‍යම රාත්‍රී 12.00 ආරම්භ වූ දුම්රිය වැඩ වර්ජනය නිසා මගී ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව තිබේ.