දුම්රිය වර්ජනයේ පාඩුව ඇමති මංගලගෙන් අයකරගත යුතුයි
දුම්රිය වර්ජනයෙන් රජයට හා ජනතාවට ඇතිවූ පාඩුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් අයකරගතයුතු බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ (13දා)පැවසීය.
මුදල් ඇමතිවරයා දුම්රිය වෘත්තීය සමිතිවලට සාකච්ඡාවක් නොදීම හේතුවෙන් වැඩවර්ජනය දින කිහිපයක් පැවැති බවත්, සිදුවූ සියලු පාඩුවලට ඔහු වගකිව යුතු බවත්මන්ත්රීවරයා සඳහන් කළේය.
සමාජවාදී ජනතා පෙරමුණ විසින් බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පවත්වන ලද මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මහතා,
“දුම්රිය වර්ජනයෙන් පළමු දවසේ අසීරුතාවට පත්වූ පාසල් සිසුන් ඇතුළු ජනතාවට වන්දි ගෙවන්නේ කවුද?කවුද මේකට වගකිව යුත්තේ? මංගල සමරවීර මෙයට වගකිව යුතු බව පැහැදිලියි.දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවූ මිලියන 70ක පාඩුව ඔහුගෙන් අයකරගත යුතුයි.ඔහු කිව්වා වැඩවර්ජනය නවත්වන තුරු සාකච්ඡා කරන්නෑ කියලා.
ජනාධිපතිවරයා කිව්වා සාකච්ඡාවට එන්න කියලා.මොකක්ද මේකේ තේරුම?මිනිස්සු විශාල අමාරුවකට පත් කරමින් වැඩවර්ජනය දින ගණනාවක් දික්ගැසුණා.නමුත් මුදල් ඇමතිවරයා සාකච්ඡාවක් නොදී සිටියදී ජනාධිපතිවරයා සාකච්ඡාවකට කැඳවා විසඳුමක් ලබාදීමට පොරොන්දු වෙනවා.මේ වර්ජනය ඇතිවුණේ කලින් තිබුණු තීන්දුවක් ආපිට හැරවීම නිසයි.
කමිටුවක තීන්දුවක් මංගල සමරවීරගේ හිතුවක්කාරී බලයට ආපසු හැරවුවා.මේ නිසා සිදුවූ සියලු පාඩුව ඔහුගෙන් මුදල්වලින් අයකර ගත යුතුයි.ඒ වගේම ඔහුට විරුද්ධව ක්‍රියාකළ යුතු ආකාරයක් ගැන කල්පනා කළ යුතුයි.ජනාධිපතිවරයා කළ දේ මුදල් ඇමතිවරයා කළානම් දුම්රිය වර්ජනය නතර කර ගැනීමට තිබුණා.
එසේ වුණා නම් රුපියල් මිලියන 70ක් ඉතුරු කරගන්න තිබුණා. දුම්රිය වර්ජනය ගැන ඇමතිවරයෙක් කියා තිබුණා වෘත්තීය සමිති ත්‍රස්තවාදය පරාජය කරනවා කියලා." යනුවෙන් පවසා සිටියේය.

popular news
-
Ruwan Tuesday, 14 August 2018 12:19 PM
මෙහෙමත් මෝඩ මන්ත්රිතුමෙක්? දුම්රිය දෙපාර්තමේන්තුව දවසක් වැඩ නොකර ඉන්න එකෙන් මිලියන ගානක ලාබයක් මිස පාඩුවක් වෙන්නේ නැති බවවත් තේරෙන්නේ නැති හැටි. මොවුන්ද රට කරවන්න බලාපොරොත්තු වෙන්නේ. කෙස් පැලෙන තර්කවලට අමතරව මොවුන් කර ඇති එකදෙයක් ලොවට ප්‍රකාශ කර පෙන්වන්න. එදා වෙලා සඳහා මොන්වාහෝ පුවත් පත් නිවේදනයක නිකුත් කරන එක තමයි මොවුන්ගේ ජීවිකාව. රටේ බුද්ධිමත් ජනතාව ඔබලා සහ ඔබලාගේ ක්‍රියාවන් ගැන හොඳ වැටහිමක සිටින බවත් අවසාන වශයෙන් මතක් කර දෙනු කැමැත්තෙමි.
Reply : 0 166
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

