දුම්රිය රියදුරන්ගේ හිතවතුන් නීතිවිරෝධී ලෙස දුම්රිය එන්ජිමට එක්කර ගනියි
මගි ප්‍රවාහන දුම්රියන්වල එන්ජිම තුළ දුම්රිය රියදුරන් හැර වෙනත් අයට ගමන් කිරිම දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති අවස්ථාවක ඇතැම් දුම්රිය එංජින් තුළ රියදුරන්ට හිතවත් පිරිස් ගමන් කරන බව මගීහු චෝදනා කරති.
අත්‍යවශ්‍යය රාජාකාරි කටයුත්තකට පමණක් දුම්රිය දෙපාර්තුමේන්තුවේ විධායක නිලධාරියෙකුට දුම්රිය එන්ජිම තුළ ගමන් කිරිමට දුම්රිය සමාන්‍යාධිකාරිවරයා විසින් අවසර ලබා දි ඇත.
එහෙත් උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන ඇතැම් මගි ප්‍රවාහන දුම්රියන් වල එන්ජිම තුළ දුම්රිය රියදුරන්ට හිතවත් හෝ පවුලේ ඥාතින් ගමන් කරන අයුරු හා එනජිම තුල රැදි සිටිමින් ජංගම දුරකථනයක් මගින් ඡායාරූප ගන්නා අයුරුද මේ පිළිබඳව කළ සොයා බැලීමකදී අපට දැකගැනීමට අවස්ථාව ලැබණි.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදි දුම්රිය එන්ජිම තුළට ගොඩ වු කුඩා ළමුන් ඇතුළු පිරිසක් ගොඩවී ගමන් කරන අයුරුද අප කැමරා කාචයේ සටහන් විය.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

