දුම්රිය ගාස්තු සියයට 15කින් ඉහළ දැමීම අසාධාරණයි
දුම්රිය සේවයේ පහසුකම් ඉහළ දැමීමට කටයුතු නොකර දුම්රිය ගාස්තු 15%කින් ඉහළ දැමීමට තීන්දුවක් ගැනීම දැඩි අසාධාණ ක්‍රියාවක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
බස් හිමියන් තමන්ට සිතු සිතූ ආකාරයට ගාස්තු ඉහළ දැමීම නිසා මගි ජනතාවට යම් හෝ සහනයක් තිබූ දුම්රිය සේවයෙන් පහසු මිලට ප්‍රවාහන පහසුකම් සැලසීම පමණක් බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුව සහන මුදලට මගී සේවාව සැපයීමට මහජනතාව විසින් බදු මුදල් ගෙවා නඩත්තු කරන ආයතනයක් බවත්, බදු මුදල්වලින් දුම්රිය සේවාව නිසිලෙස නඩත්තු කිරීමට බලධාරින් කටයුතු නොකළ බවත් ඔහු පවසා සිටියේය.
මේනිසා බොහෝ අවස්ථාවල කලට වේලාවට දුම්රියන් ධාවනය කරගැනීමට නොහැකි වන බවත්, දුම්රිය මැදිරි තුළ පවා නිසිලෙස පහසුකම් නොමැති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
දුම්රිය සේවාව විධිමත් කිරීම යටතේ යටිතල පහසුකම් වැඩිදියුණු කර වංචාව, දූෂණය නැති කර ජනතාවට දරාගත හැකි ආකාරයට ගාස්තු සංශෝධනයක් සිදුකිරීම ගැටලුවක් නොවන බවද ඔහු පවසා සිටියේය.
එහෙත් එසේ නොකර ලබන මස පළමුවැනිදා සිට 15෴කින් ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙන බවත්, මෙය අසාධාරණ ක්‍රියාවක් බවත් ඒ මහතා සඳහන් කළේය.
ගාස්තු ඉහළ යෑමට අදාළව මේ වනවිට ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයි වාර්තා වන බවත්, මෙහිදී අවම ගාස්තුව ඉහළ නොදමා මෙතෙක් අවම ගාස්තුවට ගමන් කළ හැකි දුර ප්‍රමාණය අඩු කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
popular news
-
Morajee Tuesday, 11 September 2018 12:02 PM
කිසිම සැලැස්මක් නෙතිව අවරුදු ගානක් තිස්සේ එකම තැනක කිසිම සන්වර්දනයක් නෙති දෙපර්තුමෙන්තුවක්. කිසිම පහසුකමක් වෙදිවෙලා නැත.පහසු කම් වැඩිකරලා අලුත් දුම්රිය මැදිරි දල තනි මාර්ග දිත්ව මාර්ග කරල දුම්රිය ඉස්තාන සංවර්දනය karala මේ තීන්දුව අරගතනුම් ඔනකෙනෙක් කමෙති වෙඉ.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

