දුම්රිය කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට යයි
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරිම, නඩත්තු ධාරිතාව ශක්තිමත් කිරිම, දුම්රිය ආරක්ෂාව වැඩිදියුණු කිරීම, තාක්ෂණික පුහණු මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම හා ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේ ධාරිතාව ශක්තිමත් කිරිමේඅපේක්ෂාවෙන් දුම්රිය ජාලය නවීකරණය කර දුම්රිය ප්‍රවාහන ක්ෂේත්රය සදහා ඇති වැඩිවන ඉල්ලුම සපුරාලීම පිණිස දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ
මේ හරහා දුම්රිය ප්‍රවාහනය සඳහා ඇති මගී ආකර්ශනය වර්ධනය කිරීම, දුම්රිය වෙළඳපොළ කොටස ඉහළ නැංවීම, මාර්ග තදබදය අවම අවම කරමින් නාගරික ප්‍රදේශයන්හි තරඟකාරි සේවා, කර්මාන්ත හා සැපයුම් දාම වැඩිදියුණු කිරීමටද දායකත්වය ලබාදීමට අපෙක්ෂා කරයි.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සහාය ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබාගැනීම පිණිස ණය සම්මුති සාකච්ඡා පැවැත්වීමට හා එම බැංකු සමඟ ණය ගිවිසුමකට එළැඹීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

popular news
-
Rufus Randeniya Thursday, 09 May 2019 09:12 AM
ප්‍රවේශ පත්‍ර මිල හෙමින්ම ඉහල දා ගතමුත් දී තිබෙන සහන මොනවද? ඉතා අපවිත්‍ර මැදිරි, මැදිරි සහ දුම්රිය පොලවල අපවිත්‍ර වැසිකිලි , පරණ දුම්රිය පොළවල්,. අපට වඩා සංචාරකයන් ගැන සිතා යමක් කරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

