දිවයිනේ විවිධ රේහල්වලට කොරෝනා ආසාදිත රෝගීන් ඇතුළත් කර ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව රජය නිවේදනය කරයි.
එසේම කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී යම් පුද්ගලයෙකු රෝගාබාධයකට ලක්ව රෝහල් ගත කිරීම සඳහා රැගෙන යන අවස්ථාවේ ඡායාරූප මාධ්‍ය ඔස්සේ සංසරණය කරමින් එම රෝගියා කොරෝනා වෛරසය ආසාදනය වූයෙන් බවට ගෙන යන ප්‍රචාරද අසත්‍ය බව රජය පවසයි.
මෙම කටකතා ජනතාව ජනතාව අතර අනවශ්‍ය බියක් ඇතිවන ලෙස ප්‍රචාරය කර හරින බවට රජය නිරීක්ෂණය කරන බවද රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර යම් අසාධිත පුද්ගලයෙක් කුමන හෝ ස්ථානයකින් හදුනාගත හොත් ඒ පිළිබඳව තොරතුරු නිල වශයෙන් රජය දන්වන බවද එම නිවේදනයේ දැක්වෙයි.
ඒ අනුව රජය විසින් නිකුත් කරන නිල ප්‍රකාශ කෙරෙහි පමණක් අවධානය යොමුකරන ලෙසද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.