දියේ ගිලීමෙන් දෛනිකව පුද්ගලයින් තිදෙනෙකු පමණ මිය යන බව සෞඛ්‍යය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අනතුරු වැලැක්වීම සහ කළමනාකරණ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පැවසීය.
ඒ හෙටට (25දා) යෙදී ඇති " ලෝක දියේ ගිලීම් වැලැක්වීමේ දිනය " ට සමගාමීව අද දින (24) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවේ දීය.
දියේ ගිලීම හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයින් අටසියයත් දහසත් (800-1000) අතර ප්‍රමාණයක් මිය යන බව හෙතෙම පෙන්වා දුනි.
බොහෝ විට මෙලස දියේ ගිලීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ අවුරුදු 20 ත් අවුරුදු 30 ත්, අතර වයස් කාණ්ඩ වල පසුවන්නන් බව ද හෙතෙම පැවසීය.
තමන් අනාරක්ෂිත ලෙස තවත් දියේ ගිලෙන පුද්ගලයකු බේරා ගැනීමට යාමෙන් තවත් ජීවත රැසක් අහිමි වීමට හැකියාවක් පවතින බවත්, අනාරක්ෂිත ලෙස විවිධ ස්ථාන වල දිය නෑමට යාම, තමන් දිය නෑමට යන ස්ථානයේ ස්භාවය පිළිබදව නිවැරැදි අවබෝධයක් නොතිබීම, ඇතැම් ස්ථාන සම්බන්ධව රජය විසින් දී ඇති උපදෙස් පිළිනොපැදීම, ආදී හේතු නිසා මෙලස දියේ ගිලී පුද්ගලයින් ජීවිතක්ෂයට පත් වන බව හෙතෙම මෙහි දී වැඩි දුරටත් අවධාරණය කළේය.
මෙම අවස්තාව සඳහා විශේෂඥ වෛද්‍ය සෙනිත ලියනගේ , ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී අසංක නානායක්කාර යන අය සහභාගී විය.
ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ