දියේ ගිලී වන අලි පහක් මරුට
සොමාවතී ජාතික උද්‍යායේ පුදුර් ගම්මානයට මායිමිව ඇති පෙරියාරු අතු ගංගාවේ තුන්මෝදර අමුණ අසන්නයෙදි ජපන් ජබර හෙතුවෙන් දියේ ගිලි වන අලි පහක් ඉකුත් (28දා) දින මියගොස් ඇති බව පොලොන්නරුව වනජිවි කාර්යාල නිලධාරින් පවසයි.
වනජිවි නිලධාරින් පවසන පරිදි ඉකුත් 28දා ගම්වාසීන් විසින් පෙරියාරු ගඟේ වනඅලි පැටියෙකු වැටි සිටින බවට ලද තොරතුර අනුව වනජිවි නිළධාරින් එම ස්ථානයට ගොස් පුදුර් ගමිවාසින්ගේ සහයෝගය ඇතිව අලි පැටියා බේරාගැනිමට උත්සාහ කළත් පැටියා මියගොස් තිබේ.
පසුව එම ස්ථානයට පැමිණි ති‍්‍රකුණාමලය පොලොන්නරුව වනජිවි කලාපය භාර ගිරිතලේ වනජිවි සෞඛ්‍ය කළමනාකරණ එකකයේ පශු වෛද්‍ය කේ. ඒ. එස්. එස්. කලිගුආරචිචි මහතා පැමිණ මරණ පරික්ෂණ කටයුතු කර තිබේ.
නමුත් එම සිදුවීම සිදුවී දින හතරකට පසු (01දා) නැවැත පුදුර් ගම්වැසියන් එම ස්ථානයේ ම වනඅලි හතර දෙනෙකුගේ ශරිර මතුවි ඇති බව වනජිවි නිළධාරින්ට දැනුම් දී ඇත.

popular news
-
Champa Sunday, 02 September 2018 06:55 PM
අනේ දෙයියෝනේ අලි ඇත්තු පස් දෙනෙක්ම මැරිලා!!!! පුදුම විදියටනේ අලි මැරෙන්නේ. ජපන් ජබර ඉවත් කරන්නේ නැත්තේ ඇයි? මේ ලඟදි මම දැක්ක දුමින්ද කෝටි ගානක් වියදම් කරලා ජපන් ජබර ඉවත් කරන්න ජර්මනියෙන් යන්ත්‍රයක් ගෙනත් තියෙනව. කෝ ඒක දැන්? ඒක් පාවිච්චි කරලා මේ ජපන් ජබර ඉවත් කරන්න පුළුවන්නේ. එතකොට මෙතන පේනවනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
