දියර කිරි ලීටරයකට ගෙවන මුදල ඉහළට
දියර කිරි ලීටරයකට ගෙවන මුදල ඉදිරියේදී ඉහළ දැමීමට කටයුතු කරන බවත්, වර්තමාන ආණ්ඩු කාලය තුළ කිරි ලීටරයක මිල රුපියල් විස්සකින් ඉහළ දමා තිබෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුව බලයට පත්වන විට කිරි ලීටරයක මිල රුපියල් 50ක් වූ බවත්, වර්තමානය වනවිට එම මිල රුපියල් 70ක් බවත් හෙතෙම පවසා සිටියේය.
මෙරට කිරි ගොවීන්ගේ ගැටලු විසඳීම සඳහා 6162 කෙටි දුරකථන අංකය හඳුන්වාදී තිබෙන බවත්, කිරි ගොවීන් මුහුණදෙන ගැටලු මෙම දුරකථන අංකයට දැනුම් දී විසඳුම් ලබාගත හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.
විදෙස් රටවලින් කිරිපිටි ආනයනය කිරීම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන හතළිස්දහසක් වියදම් කරන බවත්, දේශීය කිරි ගොවියා ශක්තිමත් කිරීම තුළින් මෙම මුදල රටට ඉතිරි කර ගැනීමට හැකිවන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

popular news
-
gaspe Monday, 15 July 2019 07:02 AM
70 වට අරන් විකුනන්නේ 240 කට, දියර කිරි වලට මිල පාලනයක් ඇති කර යුතුයි
Reply : 0 12
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

