දින 30ක කාලය තුළ අමු තේ දලු මිල පහළට
ගෙවී ගිය දින 30ක කාලය තුළදී අමු තේ දලු කිලෝවක මිල රුපියල් 30 - 40ත් අතර මුදලකින් පහළ බැස ඇතැයි සමස්ත ලංකා කුඩා තේ වතු හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා කුඩා තේ වතු හිමියන් ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇතැයිද එම සංගමයේ ජාතික සංවිධායක, පළාත් සභා මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා සඳහන් කළේය.
අමු තේ දලු කිලෝවක මිල රුපියල් 100 - 110ත් අතර මිලක් වූ බවත්, එහෙත් මේ වනවිට අමු තේ දලු කිලෝවක ගැනුම් මිල රුපියල් 60 - 70 දක්වා පහත වැටී තිබෙන බවද ඔහු පවසා සිටියේය.
ඩොලරය ශක්තිමත් වීම නිසා ජාත්‍යන්තර වෙළෙඳ පොළෙහි තේ මිල ඉහළ ගොස් තිබෙන බවත්, එසේ තිබියදී මෙරට මහා පරිමාණ තේ අපනයන සමාගම් 04ක් සිදු කරන ජාවාරම් ක්‍රියා නිසා අමු තේ දලු මිල පහළ යමින් තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
දේශීය තේ වෙන්දේසියේදී ජාවාරම්කාර ක්‍රමයට තේ තොග මිලදී ගැනීම නිසා මෙම තත්ත්වය උදා වී තිබෙන බවත්, මේ නිසා රජය මැදිහත් වී ඍජුවම ජාත්‍යන්තර වෙළෙඳ පොළට තේ අලෙවි කර ඩොලරය ශක්තිමත් වීමේ වාසිය හා තේ මිල ඉහළ යෑමේ වාසිය ගොවීන්ට ලබාදෙන ලෙසත් එම සංගමය සඳහන් කරයි.
අමු තේ දලු කිලෝවක් නිෂ්පාදනය කිරීම හා නෙළා ගැනීම සඳහාද ගොවියෙකුට රුපියල් 70 - 80ත් අතර මුදලක් වැය වන බවද ලාල් ප්‍රේමනාත් මහතා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

