ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 17 වන බදාදා
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ සිවුවැනි කුඹල් පෙරහර ඊයේ (19දා) පස්වරු 6.59ට යෙදුණු සුබ මොහොතින් වීථි සංචාරය කෙරිණි.
පෙරහරේ සදාතුක කරඬුව 'සිංහ රාජා' හස්තියා මතින් වැඩම කෙරුණු අතර, දෑලේ ඇතුන් ලෙස මියන් රාජා හා බුරුම රාජා ගමන් කළහ.
ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිවුමහා දේවාලවල පෙරහර සමගින් දළදා වීදිය (වෝඩ් වීදිය), ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවැදීම සිදු විය.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර අද (20දා) රාත්‍රී 6.55ට දකුණු දිශාමුඛව ගමන් ආරම්භ කරන අතර, පෙරහර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර, නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිවුමහා දේවාලවල පෙරහර සමගින් දළදා වීදිය (වෝඩ් වීදිය), යටිනුවර වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවැදීමට නියමිතය.
චමිල් රූපසිංහ
popular news
කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ලංකාවේ පළමුවරට කළ සැත්කම
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
අශෝක රන්වල අත්අඩංගුවට - රන්වල සාමාන්‍ය පුරවැසියෙකු සේ සලකා නීතිය ක්‍රියාත්මක කරන්න
දුම්රියේ අබලි ලෝහ ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව මෙල්වා හා එස්.ආර්. හිමිකර ගනියි
ස්වාභාවික විපත් වැඩි වීම පාලනය සඳහා උපත් පාලනය කළ යුතුයි
නුවරඑලිය සිට එළවලු කිලෝ 88000ක් පිට පළාත්වලට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd