දහසේ වැටුපට එරෙහි පෙත්සම විභාගයට ගැනිමට අවසර
තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1000ක් බවට ප්‍රකාශයට පත්කරමින් රජය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වතු සමාගම් 20ක් විසින් ගොනු කර තිබෙන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබාදී තිබේ.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ලබා දුන්නේය.
පෙත්සම පිළිබඳ විභාගය මැයි මස 05 වනදා පැවැත්වීමට තීන්දු කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කළේය.
ආගරපතන වැවිලි සමාගම, ඇල්පිටිය වැවිලි සමාගම ඇතුළු සමාගම් 20දෙනෙක් විසින් ගොනු කර තිබේ.
එහි වගඋත්තරකරුවන් ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, තේ කර්මාන්තය පිළිබඳ පඩිපාලක සභාවේ සභාපතිවරය ඇතුළු 18දෙනෙකු නම් කරනු ලැබ සිටී.
පසුගිය දා තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් විය යුතු බවට රජය ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

