මිනුවන්ගොඩ හා දිවුලපිටිය ප්‍ර දේශවල සිටින යුද ගුවන් නාවික හා සිවිල් ආරක්ෂක බළකායන්හි රාජකාරී කරන සියලුම අයවලුන් නැවත දන්වනතුරු රාජකාරී ස්ථානවලට රපෝර්තු නොකරන ලෙස ආයතන ප්‍රධානින්ට දන්වා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එසේම එම ප්‍ර දේශ දෙක හැර ගම්පහ දිස්ත්‍රික්කය තුල සිටින අනෙකුත් අයවලුන් හෙට (05දා) පමණක් රජකාරී සඳහා රපෝර්තු නොකරන ලෙසත් තවත් කඳවුරු තුළ එම ප්‍ර දේශවල සිටින අයවලුන් කඳවුරු තුළම රඳවා ගන්නා ලෙසත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.