දරුවන් මානවවාදි බවින් යුත් පිරිපුන් දරුවෙකු බවට පත් කරන්නේ ගුරුවරයායි - ජනපති
දරුවා විෂය ප්‍රවීණයෙකු මෙන්ම මානවවාදී බවින් පිරිපුන් , සදාචාරවත් දරුවෙකු ලෙස බිහි කිරීමට ගුරුවරයා මැදිහත් විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.
දරුවෙකුගේ අනාගතය තීරණය වන්නේ ගුරුවරයාගෙන් බැවින් දරුවන් සම්බන්ධ තීන්දු තීරණ වලදී ගැඹුරු අවබෝධයෙන් සහ මනුෂ්‍යත්වය පෙරටුකොට ගත යුතු බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ අද (02) කොළඹ පදනම් ආයතනයේ පැවති බස්නාහිර පළාත් උපාධිධාරි ගුරු පත්වීම් ප්රදානෝත්සවය අමතමිනි.
2019 ජූනි මාසයේ දී පවත්වන ලද ගුරු තරග විභාගයට පෙනි සිටි 15,000ක් අයදුම්කරුවන් අතරින් පළමු වටය ස`දහා 587 දෙනෙකු ස`දහා මෙලෙස ගුරු පත්වීම් ප්රදානය කෙරිණි.
එම අවස්ථාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ උගත් සමාජයක් බිහි කර සියලූ දෙනාට සමාන අවස්ථා ලබා දී සමාජ සාධාරණත්වය තහවුරු කිරිම රජයේ අරමුණ බවයි.
ගුරු භූමිකාවේ පෞරුෂත්වයත්, විශ්වාසයත්, පැවැත්මත්, තහවුරු වීමට නම් තාක්ෂණික යුගයේ ගුරුවරයාගේ දැනුම ද ඊට අනුසාරීව යාවත්කාලීන කර ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
ගුරු පත්වීම් ප්රදානය සංකේතවත් කරමින් දහදෙනෙකු වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
කෂිනි හපුආරච්චි

popular news
-
waruna Monday, 02 September 2019 03:42 PM
ඔබ තුමාට හොද ගුරුවරයෙකු ලැබී නැති බවයි පෙන්නේනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

