ප්‍රංශයේ 9 හැවිරිදි පිරිමි ළමයෙකු කොරෝනා වෛරසයට සම්බන්ධ දුර්ලභ රෝගයකින් මියගොස් ඇති බව ප්‍රංශයේ දකුණේ ටිමෝන් මර්සෙයිල් රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.
මෙම දරුවා කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති නමුත්, ඔහු රෝග ලක්ෂණ මතු නොකළ බව ප්‍රකාශකයා සඳහන් කර ඇත.
මෙම දරුවාට හෘදයාබාධ තත්ත්වයක් ඇතිවීමෙන් පසුව ඔහුව මුලින්ම රෝහල්ගත කර තිබුණු අතර, ඉන් දින හතකට පසුව හෘදයාබාධ තත්ත්වය හේතුවෙන්ම ස්නායු පද්ධතියට වූ හානියක් නිසා දරුවා මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයා පවසා තිබේ.
ප්‍රංශ බලධාරීන් 'කවාසාකි ඩිසීස් ' ලෙස ගැනෙන රෝගයට සමාන දුර්ලභ රෝගයක් පිළිබඳව දැනුවත්ව සිට ඇති අතර, ශරීරයේ දැවිල්ල, ඉදිමුණු අත් පා, සමේ කැක්කුම සහ වඩාත් බරපතල හෘදයාබාධ වැනි රෝග ලක්ෂණ එහි පවතින බව ජාතික සෞඛ්‍ය ඒජන්සියේ අධ්යක්ෂ ජෙරෝම් සලමොන් පසුගිය මාසයේ පැවසීය.
මේ අතර ජාතික සෞඛ්‍ය ඒජන්සියේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා තිබුණේ, "ප්‍රංශයේ කොරෝනා වසංගතය ආරම්භයේ සිටම දරුවන් 135කට මේ රෝගය වැළඳී තිබුණා" යනුවෙනි. කෙසේ වෙතත් මෙම මරණය ප්‍රංශයේ මෙතෙක් නිල වශයෙන් වර්තා වන එහි මාරාන්තික අවස්ථාවයි.
මෙය 'කවාසාකි ඩිසීස්' රෝගයට සමාන වන බැවින්, ප්‍රංශ සෞඛ්‍ය ඒජන්සිය මෙම රෝගය 'කවාසාකි ලයික්' (කවසාකි වැන්) රෝගය ලෙස හඳුන්වන බව ජාතික සෞඛ්‍ය ඒජන්සියේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, "කවාසාකි' රෝගය සාමාන්‍යයෙන් අවුරුදු 5 ට අඩු ළමයින් තුළ දක්නට ලැබෙනවා. නමුත් දැන් අප නිරීක්ෂණය කරන රෝගය අවුරුදු 5 සිට 15 දක්වා ළමයින් ඉලක්ක කරනවා." යනුවෙනි.
කෙසේ වෙතත් මෙවැනි රෝග ලක්ෂණ මතුකරන දරුවන් වාර්තා වන එකම රට ප්‍රංශය නොවන අතර, ඇමෙරිකාව හා මහා බ්‍රිතාන්‍යයෙන්ද මෙවැනි දුර්ලභ රෝගයක් පිළිබඳව කතාබහක් මතුව තිබේ.