දයාරත්න හිමිගේ පෙරහරට හා රැස්වීමට තහනම් නියෝගයක්
පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියන් ඇතුළු පිරිසක් විසින් සංවිධානය කර ඇති පෙරහරකට හා රැස්වීමකට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
මෙම රැස්වීම හා පෙරහර නීති විරෝධී ලෙස සංවිධානය කර ඇති බවත් ඒ හේතුවෙන් දෙහිවල පොලිස් වසම තුළ මහජන සාමයට හා මහජනතාව අතර නොසන්සුන්තාවක් මෙන්ම ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන් කරමින් පොලීසිය අධිකරණයට කළ කරුණු වාර්තා කිරීමක් අනුව මෙම නියෝගය නිකුත් කර තිබේ.
එම නියෝගය අනුව රැස්වීම හා පෙරහර සම්පූර්ණයෙන්ම තහනම් වෙයි.

popular news
-
rocky Friday, 07 June 2019 11:19 AM
1915 සෙල්ලන් වලට අයෙමත් පාර කැපෙන්න යනවා වගෙයි පෙනෙන්නේ. පරෙස්සම් විය යුතුයි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

