දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු පළතුරු හා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල තොග මිල පහත වැටුණද දිවයින පුරා සෑම වර්ගයකම සිල්ලර මිලෙහි වෙනසක් නොමතිවීම පැවතීම බරපතළ ගැටලුවක් බව තොග වෙළෙන්දෝ පවසති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති ඒ .වී .ඩබ්ලිව්. රෝහන බණ්ඩාර මහතා කියා සිටියේ අතරමැදි වෙළදාම නිසා මේ තත්වය උදා වී තිබෙන බවය.
එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ තවදුරටත් එළවලු සහ අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහත දැමීම සඳහා දෙවැනි වෙළඳාම සම්පූර්ණයෙන්ම ඉදිරියේ දී නවතා දමන බව සඳහන් කළේය.
වැනි වෙළදාම යනු සංවිධානාත්මක කණ්ඩායමක් ඉතා ශුක්ෂම ලෙස ගොවින් රැගෙන එන එළවලු තොග මිලදී ගෙන ඒවා සගවා තබා ගිගයක් මවා පාමින් නැවත එම වෙළද පලේම අලවි කිරීම බවත් ,අතරමැදි කණ්ඩායම් යෙදවිමකින් තොරව නියම වෙළෙන්දන් පැමිණ එළවලු මිලදී ගැනීම සිදුකරන ලෙස තමන් ඉල්ලාඅ සිටින බව කිවේය.
මේ වන විටත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගෝවා, කැකිරි, මාළු මිරිස්, පිපිඤ්ඤා, ලීක්ස්,කැරට්, බීට්, ආදී එළවළු බොහොමයක් මිල පහත වැටී තිබියදී අතිවිශාල මිල ගණන් යටතේ පිටස්තර ප්‍රදේශවල වල අලෙවි වීම සිදුවන බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරන භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු රැගෙන එන ගොවීන් ඉතා සහනදායි මිල ගණන් යටතේ අලෙවි වුවද පිට පළාත් වලට රැගෙන යන වෙළෙන්දන් අතරමැදි බොහෝ දෙනෙකු නිසා රටේ එළවළු සහ අනිකුත් මිල ඉහළ යෑම සිදුව තිබෙන බවය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ 18 දින වන විට ගෝවා කිලෝවක තොග මිල රුපියල් 40 දක්වා පහත වැටී තිබෙන අවස්ථාවක පිටස්තටස්තර ප්‍රදේශවල ගෝවා මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බවත් ඔවුහු පෙන්වා දෙති.
එමෙන්ම දඹුල්ල වෙළදපලේ පොල් ගෙඩියක තොග මිල රුපියල් 80ත් 85 ත් අතර මිලකට අලවි විය. එළවළු මිල ඕනෑම වෙලාවක තොග මිල දැනගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා තිබෙන බවත් එම නිසා අතරමැදි තැරැව්කරුවන්ට හසුනොවී එළවළු තොග මිල දැනගෙන මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයා යොමුවිය යුතු බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති රෝහණ බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එළවලු මිලදී ගැනීම සදහා එන වෙළෙන්දන් කියා සිටියේ ප්‍රවාහන ගාස්තු දරාගැනීමට නොහැකි නිසා එළවලු සිල්ලර මිල ඉහළයාම සිදුවන බවය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට සමගාමීව නගරයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග වශයෙන් අලෙවි කරන වෙළෙඳ සැල්හමියන් කියා සිටියේ මේ වන විට අත්‍යාවශ්‍ය භාණ්ඩ වන සීනි, පරිප්පු, පාන් පිටි, ආදී බොහොමය තොග මිල පහත වැටී තිබෙන බවය.
තොග මිල පහත වැටුණ ද දිවයිනේ අනෙකුත් ප්‍ර දේශවල සිල්ලර මිලෙහි කිසිදු අඩුවක් නැති බව පාරිභෝගික ජනතාව පවා තොග වෙළඳ සැල් වලට පැමිණ සඳහන් කරන බව වෙළෙන්දෝ පවසති.
දඹුල්ල නගරයේ වෙළෙඳසැල් වල බිත්තර අලෙවි වීම ද රුපියල් පනහේ සිට රුපියල් පනස් දෙක දක්වා වූ මිලක් පවතී ,තොග මිල එසේ පැවතුනද රට අභ්‍යන්තරයේ බිත්තර මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බවද තොග වෙළෙන්දෝ පෙන්වා දෙති.
විදේශ රට වලින් ගෙන්වූ බිත්තර දඹුල්ල පොලේ දැක ගැනීමට නැති බවද ඔවුහු වැඩිදුරටත් පවසති. 2023.01.18 දඹුල්ල ආර්ථික මධ්යස්ථාංනය තුළ පැවැති එළවළු මිල ගණන් යටතේ පහත සඳහන් එළවළු වර්ග වල මිල විශාල වශයෙන් අඩු වී තිබීම විශේෂත්වයකි.
එනම් ආර්ථික මධ්‍යස්ථානයට උදෑසන කාලයේ ලැබී තිබූ එළවළු වර්ග වලින් ගෝවා කිලෝවක් රුපියල් 40 සිට 70 දක්වා මිලකට කැකිරි කිලෝවක් රුපියල් 50 සිට 60 දක්වා මිලකට අලෙවි වූ අතර දෙහි කිලෙහි කිලෝවක තොග මිල රුපියල් හැට පහක් ලෙස සඳහන්ව තිබිණි.
එමෙන්ම විශාල වශයෙන් ඉහළ ගොස් තිබූ බෝංචි කිලෝවක් රුපියල් 300ක් 350 ක් අතර මිලකට අලෙවි 350 ක් අතර මිලකට අලෙවි විය ලීක්ස් කිලෝවක තොග මිල රුපියල් 180 ත් 200 ත් අතර විය. විදේශීය රටවලින් ගෙන්වන ලද ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් එකසිය විස්සක් 145 ක් පමණ වීම විශේෂත්වයකි.
