දමිළ ප්‍රගතිශිලි සන්ධානය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරිම සදහා ජනාධිපතිවරණ ප්රචාරක රැස්විම අද (06) හැටන් නගරයෙන් ආරම්භ කෙරුණි.
දමිළ ප්‍රගිතශිලි සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය පලනි දිගම්බරම් , රාජ්‍ය අමාත්‍ය වි රාධාක්‍රිෂ්ණන්, බදුල්ල දිස්ත්‍රික් (එජාප) ප.ම අරවින්ද කුමාර් යන මහතුන්ගේ සහභාගීත්වයෙන් හැටන් ඩි කේ ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේදි පවත්වන ලදි.
මෙම ජනාධිපතිවරණ ප්රචාරක රැස්විමට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් විශේෂ ආරාධිත වශයෙන් රාජ්‍ය අමාත්‍ය සුජිව සේරසිංහ මහතා සහභාගි විය.
දමිළ ප්‍රගතිශිලි සන්ධානයේ ප්‍රථම ජනාධිපතිවරණ ප්රචාරක රැස්විම සදහා විශාල පිරිසක් සහභාගි වි සිටියහ.
