දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ විනය බලධාරියා වශයෙන් තමන් ගත් තීරණයක් අවලංගු කිරීමට කටයුතු කරන ලෙසට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා බලධාරීන් සඳහන් කරන්නේ නම් තමන් එම ධුරයේ කටයුතු කරමින් පළක් නොවන බව දන්වමින් ඔහු මෙම ලිපිය යොමුකර ඇතැයි වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් විමසීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එම උත්සාහය සාර්ථක නොවීය.