මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සමග හෙට පස්වරු 2.00ට සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත හෙයින්ද එහිදී තම ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන බවට ලබාදුන් පොරොන්දුව අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය හෙට පස්වරු 2.00 දක්වා කල්දැමීමට තිරණය කළ බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
එම සාකච්ඡාවේදී තම ගැටලුවලට විසඳුම් නොලැබුණ හොත් හෙට පස්වරු 2.00 සිට දුම්රිය වර්ජනය සිදුකරන බවත් වෘත්තීය සමිති සඳහන් කරයි.