දුම්පානය කරන්නන් සහ ඊ-සිගරට් භාවිත කරන්නන් ඇතුළු කලින් දුම්පානය කර ඇති අයටද, කොවිඩ් -19 හි දරුණු තත්ත්වයන් පෙන්නුම් කරන බවත්, ඒ තුළ ඔවුන් මියයාමේ අවදානම සැලකිය යුතු ලෙස වැඩි බවත් සැන් ෆ්රැන්සිස්කෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ නවතම අධ්‍යයනයකට අනුව හෙළි වෙයි.
"දුම්පානය කොවිඩ්-19 වෛරස රෝගීය තත්ත්වය උත්සන්න වීමේ සැලකිය යුතු ඉහළ අවදානමක් සමග සම්බන්ධ වෙනවා" යැයි එම විශ්වවිද්‍යාලයේ දුම්කොළ පාලන පර්යේෂණ හා අධ්‍යාපන මධ්‍යස්ථානයේ වෛද්‍ය මහාචාර්ය ස්ටැන්ටන් ග්ලැන්ට්ස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
අධ්‍යයන පත්‍රිකා 19ක් ඔස්සේ සලකා බැලුණු මෙම පර්යේෂණයේදී දුම්පානය නොකරන අයගෙන් 17.6%කට සාපේක්ෂව දුම්පානය කරන්නන්ගෙන් 30%කට කොවිඩ්-19 වෛරසය වඩාත් දරුණු ආකාරයන් වර්ධනය කර ඇති බව සොයාගෙන ඇති අතර, ඉන් හැඟී යන්නේ දුම්පානය නොකරන අයට වඩා දුම්පානය කරන අයට ඇති අවදානම දෙගුණයක් බවයි.