දඬ මුදල් පත්‍රිකාව ඉවත් කරගන්නේ නෑ
මාර්ග ආශ්‍රිතව දඩ මුදල් පනවමින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගැනීමට රජය සූදානම් නැති බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (16දා) පැවසීය.
පසුගිය ජනවාරි 15 වැනිදා නිකුත් කළ මෙම ගැසට් පත්‍රයට විරුද්ධව මේ දක්වා කිසිදු පාර්ශ්වයක් නීතිමය පියවර ගෙන නැති බවද ඇමතිවරයා සඳහන් කළේය.
ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේය.
අද දිනයේදී බස් සේවකයන් විසින් අසාර්ථක බස් වර්ජනයක් සිදුකර තිබුණු බවත්, මගී ජනතාවට අපහසුතාවයක් ඇති නොවීම සඳහා උදෑසන සිට ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ යෙද වූ බවත්,රාත්‍රියේ සිට ආරක්ෂක අංශ සතු බස් රථ යොදවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
අද ධාවන වූ ලංගම හා පුද්ගලික බස්රථවලට පහරදීම් සිදුකළ පුද්ගලයන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නැයි තමන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇතැයිද හෙතෙම වැඩිදුරටත් මෙහිදී පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

