දකුණු ආසියාවේ දෙවැනි ඉහළම බාගත කිරීමේ වේගය ශ්‍රී ලංකාවට
ජංගම දුරකථන හරහා දත්ත භාගත කිරීමේ වේගය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දෙවැනි ස්ථානයට පත්ව තිබේ.
තත්පරයට මෙගා බයිට් 16.98 (16.98 MBPS) වේගයක් ශ්‍රී ලංකාවට ඇති අතර, එය දෙවැනි වන්නේ මාලදිවයිනට පමණි. මාලදිවයිනේ එම වේගය තත්පරයට මෙගා බයිට් 23.11කි. ලෝක ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව 73 වැනි ස්ථානයේ පසුවන අතර මාලදිවයින 59 වැනි ස්ථානයේ පසුවෙයි. ඉන්දියාවේ එම වේගය 9.12ක් වන අතර, ඔවුන් ලෝක ශ්‍රේණිගත කිරීමේ 109 වැනි ස්ථානයේ පසුවෙයි.
ලෝකයේ සාමාන්‍ය බාගත කිරීමේ වේගය 23.54ක් ලෙස දැක්වෙන අතර ඒ අනුව ලෝකයේ ජංගම දුරකථන හරහා දත්ත භාගත කිරීමේ වේගයක් ඇති රට ලෙස කටාරය දැක්වේ. ඔවුන්ගේ එම වේගය තත්පරයට මෙගා බයිට් 63.22කි.
ජුනි මාසයට අදාළව මෙම දත්ත නිකුත් කර තිබේ. රටවල් 124ක දත්ත මේ සඳහා යොදාගෙන ඇති අතර අවම වේගයක් අති රට ලෙස ලිබියාව රැඳී සිටින අතර, එහි වේගය තත්ත්පරයට මෙගා බයිට් 4.62කි.
දකුණු ආසියාවේ රටවල් ශ්‍රේණිගත කිරීම
මාලදිවයින 59 (23.11 MBPS ), ශ්‍රී ලංකාව 73 (16.98 MBPS ), පාකිස්තානය 96 (14.03 MBPS) ඉන්දියාව 109 (9.12 MBPS ), බංග්ලාදේශය 112 (8.97 MBPS ), නේපාලය 120 (7.39 MBPS), ඇෆ්ගනිස්තානය 122 (6.14 MBPS) භූතානය (දත්ත නොමැත)

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

