දකුණු අධිවේගයේ මෑතකදී විවෘත කළ කොටස වසයි?
දක්ෂිණ අධිවේගී මාර්ගයෙ අලුතෙන් විවෘත කළ වැටිය - මත්තල සහ අන්දර වැව - හම්බන්තොට කොටස අනාරක්ෂිතව විවෘත කර ඇති බවත් ඒ පිළිබඳව වාර්තාවක් කඳවා ඉදිකිරීම් අවසන් වන තෙක් වසා තැබීමට සිදුවුවහොත් එය වසා තබන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
අද (03) පෙරවරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල දක්වා කොටසෙහි ඉදිකිරීම් වල ප්‍රගතිය සොයාබැලීම සඳහා එක්වීමෙන් අනතුරුව මේ බව සඳහන් කළේය.
“ඊයේ හරි පෙරේදා හරි වන අලි ඉඳලා තියෙනවා අධිවේගී මාර්ගයේ. මම හිතන්නේ තව වැඩ ගණනාවක් අවසන් කරන්න තියෙනවා. මම දකින්නේ මේ ජීවිත සම්පූර්ණයෙන්ම බිල්ලට අරගන්න බලාගෙන තමයි මේ අධිවේගී මාර්ගය විවෘත කරලා තියෙන්නේ.
මේකෙ ගිනි නිවන හමුදාවක් නැහැ, ඇම්බියුලන්ස් නැහැ, අවශ්‍ය කරන වැඩකටයුතු අවසන් කරලා නැහැ. ඒ නිසා මම වහාම වාර්තාවක් දෙන්න කිව්වා. ඒ ගැන අපි බලලා ඉවර වෙලා මේක වහන්න සිදු වුණොත් මෙහි වැඩ කටයුතු අවසන් වන තෙක් අපි මේක වහනවා.
හේතුව මේකෙ වගකීම, ජනතාවගේ ජීවිත සම්බන්ධව කවුරු හරි වගකීම ගන්නවා නම් එහෙනම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. මේ ගැන අපි සොයා බලනවා. නිළධාරී කිහිපදෙනෙක් මට කිව්වා පසුගිය ආණ්ඩුව විසින් බලහත්කාරයෙන් මේ විවෘත කිරීම ලබාගත්තේ කියලා. අපි ඒ ගැන සොයා බලලා නැවැරදි තීන්දුවක් ගන්නවා. අපිට ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන්න බැහැ.”


popular news
-
Hemantha Wednesday, 04 December 2019 08:42 AM
ඔව් ඉතින් ඊට පස්සේ ලොකු ගානක් වියදම් කරලා උත්සවයක් අරගෙන නැවත අරින්න පුළුවන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

