දකුණු අධිවේගයේ අනතුරින් මියගොස් ඇත්තේ ඉන්දියාවේ ප්‍රසිද්ධ කතුවරයෙක්
ශ්‍රී ලංකාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පසුගියදා සඳුදා (23දා) සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සුප්‍රසිද්ධ හින්දි කතුවරයෙක් වන ගංගා ප්‍රසාද් විමල් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් දෙදෙනෙක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් තිදෙනාට අමතරව ඔවුන් ගමන් ගත් වාහනය පැදවූ රියදුරාද ජීවිතක්ෂයට පත්විය.
80 හැවිරිදි කතුවරයා සිය පවුලේ අය සමඟ වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී කුරුඳුගහහතප්ම ප්‍රදේශයේදී ට්‍රක් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
විමල් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් දෙදෙනා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර රියදුරා රෝහලට ඇතුළත් කරන විට මිය ගියේය.
ඔහු කවි, කෙටිකතා සහ නවකතා රචනා කර ඇති අතර අවසන් නවකතාව වන මනුෂ්කෝර් 2013 දී ප්‍රකාශයට පත් ක තිබේ. විමල් හින්දි සාහිත්‍ය සම්මාන කිහිපයක්ම හිමිකරගත් ලේඛකයෙකි.
නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්

popular news
-
ile Thursday, 26 December 2019 12:53 PM
සතුන්ට හොඳින් සලකනවා කියන්නේ උසස් ශිෂ්ට සම්පන්නභාවය පිළිබඳ මිම්මක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

