දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු ස්ථාන 03ක් හා සම්බන්ධ වන ජාතික මහා මාර්ග පහක් වැඩි දියුණි කිරීමට ආසියානු සංවර්ධන බැංකුව ලබාදුන් ඩොලර් මිලියන 75 ණය මුදලින් වැඩ නිමකළ පසු රුපියල් මිලියන 4300ක් ඉතිරිවන බවට ගණනය කර තිබේ.
එසේ ඉතිරිවන මුදල් අතිරේක මාර්ග කොටස් පුනරුත්තාපනය කිරීම හා වැඩිදියුණු කිරීමට යෙදවීමට මහා මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
