දක්ෂ තානාපතිවරුනුත් ආපසු ලංකාවට කැඳවලා - කථානායක
නව රජය මගින් නැවතත් දිවයිනට කැඳවූ ශ්රී ලංකාවේ විදේශ දූත මණ්ඩල සේවාවල නිරතව සිටි තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් අතර දක්ෂ පුද්ගලයන් සීමිත පිරිසක්ද සිටින බව කථානායක කරු ජයසූරිය මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්රකාශ කරයි.
විදේශ දූත මණ්ඩල සේවාවලට හිතවත්කම් මත හා වෙනත් හේතු මත පත්කර තිබූ තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් යළි ශ්රී ලංකාවට කැඳවීමට වත්මන් රජය කටයුතු කර තිබේ.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන කරු ජයසූරිය මහතා ප්රකාශ කරන්නේ කිසියම් රටක් පිළිබඳව පළමු හැඟීම එම රටේ තානපතිවරුන් හා මහකොමසාරිස්වරුන් විසින් නිර්මාණය කරන බවත් එම පත්වීම් ඒ සඳහා සුදුසුව වෘත්තිකයන් පත්කළ යුතු බවත්ය.
The first impression of a country is created by its Ambassadors and High Commissioners. It is important to appoint truly capable and eminent professionals to those positions. I am sure there are a few very capable personalities among those who have now been recalled.
— Karu Jayasuriya (@KaruOnline) December 10, 2019
popular news
-
nico Tuesday, 10 December 2019 02:49 PM
පසුගිය යහපාලන රජයේ අදක්ෂ පාලනය හේතුවෙන් තානාපති වරුත් නන්නත් තාර උනා. තවත් විදිහකට කියනවනම් යන්නේ කොහෙද මල්ලේ පොල් උනා . කරු දවල් හීන දකිනවා.
Reply : 0 0
රෝහිත Wednesday, 11 December 2019 01:35 PM
ඔබ ජනාධිපති වැඩේ කරන්න එපා. ඔහු දන්නවා මොකක්ද සුදුසු කියලා.
Reply : 0 0
J.ජේ Thursday, 12 December 2019 02:00 PM
කතානායක තනතුර නිර්පාක්ෂික තනතුරක් වන අතර දේශපාලනික අදහස් දැක්වීම නොකල යුත්තක්... එය එම තනතුරේ ගෞරවය කෙලසීමක්.... කොහොමත් වත්මන් කතානායක එම තනතුර කෙළෙසා අවසන්.....
Reply : 0 0
ලලිත් වීරමන්ත්රී Saturday, 14 December 2019 11:17 PM
වැරදි අර්ථකථන කරන්න එපා. එතුමා සඳහනක් කරනවා දක්ෂ නිලධාරීන් කැඳවා තියෙනවා කියලා. එය දේශපාලන කතාවක් නොවේ. දැනුවත් කිරීමක් පමණයි. මෑත ඉතිහාසයේ සිටි හොඳම කථානායකතුමා මෙතුමායි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

