දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 269ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
එහි ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා කියා සිටියේ ඊයේ (30) අලුතින් වාර්තා වූයේ ආසාදිතයන් 03 දෙනෙකු බවයි. මෙම තිදෙනාගෙන් එක් අයෙකු ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද දෙදෙනකු මාතර දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වී තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් සහ මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස සහ හක්මන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලින් මෙම ආසාදිතයන් වාර්තාවී ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අලුතින් ආසාදිතයින් වාර්තාවී නොමැති බව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතයන් සංඛ්‍යාව170ක් දක්වා සහ මාතර දිස්ත්‍රික්කයේ ආසාදිතයන් සංඛ්‍යාව 68ක් දක්වා ඉහල ගොස් ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 31කි.
සිරංගිකා ලොකුකරවිට