දකුණු කොරියාවේ සෝල් අගනුවර රාත්‍රී සමාජ ශාලා ආශ්‍රිතව දෙවැනි කොවිඩ්-19 රැල්ලක් ඇති කළ ආසාදිත පොකුරේ සමස්ත ආසාදිත අගය 119ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉටෙවෝන් දිස්ත්‍රික්කයේ රාත්‍රී සමාජ ශාලා ආශ්‍රිතව ඇති වූ මෙම අර්බුදය සමග මේ වනවිට පුද්ගලයන් 20,000ක් පමණ පරීක්ෂාවට ලක් කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය කිම් ගං-ලිප් ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාට අනුව ධනාත්මක බව පරීක්ෂා කළ අයගෙන් එක් අයෙක් අගනුවරට මායිම්ව පිහිටි නගරයක් වන ඉන්චියොන් හි පෞද්ගලික උපදේශකවරයෙකි. රෝගියා මුලින් ඔහුගේ චලනය සඟවා ගත් නමුත් ඔහුගේ GPS පිහිටීම නිරීක්ෂණය කිරීමෙන් ඔහුගේ සේවා ස්ථානය අනාවරණය කරගෙන තිබේ. පසුව නව ආසාදිතයන් 8 දෙනෙකු සොයාගෙන ඇති අතර ඉන් 6ක් මධ්‍යම හා උසස් පාසල් සිසුන් බව හෙතෙම පැවසීය. එනම් මෙම උසස් පාසල් සිසුන්ද රාත්‍රී සමාජ ශාලා ආශ්‍රිතව ගැවසී ඇති බව දැන් අනාවරණය වෙයි.
මෙහි තවත් බැරෑරුම් තත්ත්වය වන්නෙ මෙම සිද්ධීන් අටෙන් දෙදෙනෙකුම පසුගිය සති අන්තයේ පල්ලියේ දේවමෙහෙයකට සහභාගී වී තිබීමය. ඒ අනුව මේ වනවිට පල්ලියේ සභා ආශ්‍රිතවද කොවිඩ්-19 පරීක්ෂණ පවත්වනු ලැබේ.
මේ අතර හිතාමතා සැඟව සිටි උපදේශකවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැවසූ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා, ඔහු වරදකරු වුවහොත් ඔහුට වසර දෙකක සිර දඬුවමක් වුවද නියම කළ හැකි බව කියා සිටියේය.