දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රැම්පෝසා මහතා ජපානයේ ඔසාකා නුවර පැවති ජී.- 20 සමුළුවට සහභාගීවීමෙන් පසු, යළි සියරට බලා යන අතරතුර කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
ඔහු දකුණු අප්‍රිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් ගමන් ගනිමින් සිටි අතර, ඔහු සමග දූත පිරිස 20 දෙනෙකුද පැමිණ සිටියහ.
පිරිස ඊයේ (29දා) රාත්‍රී 10.50 ට කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන් සඳහා වූ මැදිරිය වෙත පැමිණි අතර, ඔවුන් පිළිගැනීම සඳහා පරිවාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියේය.
මෙම පිරිස රාත්‍රී ආහාර මෙන්ම , ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ද ලබා ගැනීමෙන් අනතුරුව , යළිත් අද (30දා) අලුයම 1.00 ට පමණ දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා බලා පිටත්ව ගියහ.
දකුණු අප්‍රිකානු ජනාධිපති ඇතුළු දූත පිරිස , ජපානයේ පැවති ජී. - 20 සමුළුවට සහභාගී වීම සඳහා යන අතරතුර ද කෙටි විවේකයක් සඳහා 27 දින උදෑසන ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
කටුනායක ටී.කේ.ජී. කපිල