දකුණු කොරියාව විසින් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 70ක් වාර්තා කර ඇති අතර, එය අඛණ්ඩව දෙවැනි දින 100ට අඩු ආසාදන වාර්තා කළ අවස්ථාවකි.
කෙසේ වෙතත් දකුණු කොරියානු රජය පවසන්නේ තවමත් ඔවුන්ට සෑහීමකට පත්විය නොහැකි ඉහළ ආසාදන සංඛ්‍යාවක් පවතින බවය.
දකුණු කොරියාවේ රෝග පාලන හා නිවාරණ ඒජන්සියට අනුව, නව ආසාදිතයන්ගෙන් අවම වශයෙන් 55ක් දේශීය සම්ප්‍රේෂණයන් වන අතර, මේ වනවිට මුළු ආසාදිතයන් සංඛ්‍යාව 23,045ක් දක්වා ළඟා වී තිබේ.
නව මරණ දෙකක්ද වාර්තා වී ඇති අතර, ඒ සමග සමස්ත මරණ සංඛ්‍යාව 385ක් දක්වා ඉහළ ගොස් තිබේ.